පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

Date:

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා ලබාදෙන වවුචර වෙනුවට ප්‍රමිතියෙන් යුතු දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ දේශිය පාවහන් නිෂ්පාදන සමාගම් 9ක් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අද (01) දින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.

මෙම නියමු ව්‍යාපෘතිය බස්නාහිර හා දකුණු පළාතේ පාසල් 1266 ක පාසල් මෙම නියමු ව්‍යාපෘතිය බස්නාහිර හා දකුණු පළාතේ පාසල් 1302ක පාසල් ළමුන් 150521 ක්, පිරිවෙන් 354ක ගිහි පැවිදි සිසුන් සහ සිල් මාතාවන් 12146 සඳහා ක්‍රියාත්මක වන අතර, මෙය ක්‍රියාත්මක කිරීමෙන් වසරක වගකීමක් සහිත ප්‍රමිතියෙන් යුතු පාවහන් ලබා දීමටත් එක් පාවහන් යුගලක් සඳහා රුපියල් 2100.00 ක මුදලක් පමණක් ලබා ගැනීමටත්, දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් එකඟ වූ අතර ඒ මගින් රුපියල් මිලියන 140කට ආසන්න මුදලක් ඉතිරිකර ගැනීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා සැපයුම්කරුවන් තේරීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය පාවහන් නිෂ්පාදකයන් පමණක් තෝරාගත් අතර, පාවහන් නිෂ්පාදකයන් තෝරාගත් පාසල්වලට පැමිණ පාසල් ළමුන්ට ප්‍රමාණයෙන් ගැලපෙන පාවහන් ලබාදීමට එකඟ විය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ දේශිය පාවහන් නිෂ්පාදකයන් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...