ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් අතර අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කතාබහක නිරත විය.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද පළ කළහ.

ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේද බැහැදැක සුව දුක් විමසීය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

උදා වූ නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අස්ගිරි මහා නා හිමියෝ ජනතාවට වඩා යහපත්, රටක් ගොඩනගා දීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ නව වසරේ නව ජවයකින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කළහ.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

පසුගිය වසරේ සිදුවූ ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයේ අභියෝගයට මුහුණදීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු ප්‍රමුඛ අනු නායක හිමිවරු දැනුවත් කළ අතර එම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට උන්වහන්සේලා සිය ආශිර්වාදය පළ කළහ.

PMD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...