කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026 වර්ෂයේ උදාවත් සමඟ ඩිමොක්‍රටික් පාක්ෂික සොහ්රාන් මම්දානි නිව්යෝර්ක් නගරයේ නගරාධිපති වශයෙන් ඓතිහාසික, උමං දුම්රිය ස්ථානයකදී දිවුරුම් දී තිබේ.

මම්දානි ඇමරිකාවේ විශාලතම නගරයේ පළමු මුස්ලිම් නායකයා ලෙස කුරානය මත අත තබා දිවුරුම් දුන් අතර, 34 හැවිරිදි මම්දානි නගරයේ පළමු මුස්ලිම් නගරාධිපති වීමට අමතරව, දකුණු ආසියානු සම්භවයක් ඇති පළමුවැන්නා සහ අප්‍රිකාවේ උපත ලැබූ පළමු පුද්ගලයා ද වේ. ඔහු පරම්පරා ගණනාවකින් නගරයේ ලාබාලතම නගරාධිපතිවරයා ද වේ.

දිවුරුම් දීමෙන් අනතුරුව සිය ජනයා අමතමින් නව නගරාධිපතිවරයා සඳහන් කර තිබුණේ, මෙය සැබවින්ම ජීවිත කාලය පුරාම ලැබුණු ගෞරවයක් සහ වරප්‍රසාදයක් බවයි.

සිය දේශපාලන ගමන්මඟ තුළ වඩාත්ම මිල අධික නගරවලින් එකක ජීවන වියදම අඩු කිරීම, නොමිලේ ළමා රැකවරණය, නොමිලේ බස් රථ, නිවාස මිලියනයක් පමණ සඳහා කුලී කැටි කිරීම සහ නගරය විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර වෙළඳසැල්වල ගුණාත්මක නියාමනයක් ඇති කිරීම අදහස් කරන ප්‍රතිපත්ති සමඟ පරිවර්තනීය වෙනසක් ගෙන ඒමට ඔහු සිය මැතිවරණ වේදිකාවේ පොරොන්දු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...