නව වසරේ පැතුම!

Date:

සටහන – රත්නපාල ගමගේ 
ස්විට්සර්ලන්තය (LNW) :

ගේ දොර වතු පිටිය සමගින්
සුලිය සිදුකල මහා විපතෙන්
උන් හිටි තැන් අහිමිවීමෙන්
පිහිටක් උනේ ගමේ බණ මඩුවෙන්

ගෙවුනු අග නොවෙම්බරයේ
විනාශය පමණි හිමිවූයේ
සේසතම අපට අහිමිවූයේ
නව වසර රටට ආයේ

ලොරි වලින් ඇවිදින්
හාල් තුනපහ දුන්නත්
හාමුදුරුවන් නැත්නම්
කුසේ ගිනි නොනිවෙත්

ලිපක් දැල්විය නොහැකි
කිරිබතක් පිසගත නොහැකි
රතිඤ්ඤා හඩකුත් නොමැකි
පැමිණෙන්නෙ අලුත් අවුරුද්දකි

සුළි සුළං යලි මෙහි නොවේවා
මහවැලිය නිහඩව ගලත්වා
ජීවිතය බිලි නොගනීවා
නව වසරෙ පැතුම් වේවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...