රැජිණක්? ඔව් රැජිණක්! රැජිණක් වෙන්න ඔටුන්නක් දරන්නම ඕනි නැහැ. ඒකට ක්‍රියාකලාපයත් වැදගත්! මිනිසුන් සමඟ ගනුදෙනු කරමින් අනෙකාගේ මුහුණට සතුටක් සිනහවක් ලඟාකර දීමම කෙතරම් පිනක් ද? ඉතින් මේ ලිපිය දිගහැරෙන්නේ ලන්ඩනයම කම්පාවට පත් කරමින් ශෝකාන්තයකට සියල්ලන් ගෙන ගිය ඒ අපුරූ හැඩ තනන්නිය පිළිබඳවයි. ඇය නමින් විවියන් වෙස්ට්වුඩ් (Vivienne Westwood) ය. ඇය ගැන කියන්න බොහෝ දේ ඇත. නමුත් අද අප ගොලුව ඇත.

Dame Vivienne Isabel Westwood එහෙමත් නැතිනම් බ්‍රිතාන්‍යයේ විලාසිතා ලෝකයෙහි රැජිණ ලෙස කිරුළ දැරූ ඇය 1941 වසරෙහි අප්‍රේල් 8 වන දින Cheshire හි Tintwistle ගම්මානයේ උපත ලැබුවාය.

කල් ගතවෙත්ම 1958 දී ඇය ඇගේ පවුලේ අයවලුන් සමඟ ලන්ඩනයෙහි හැරෝ (Harrow) වෙත පදිංචියට ගිය අතර, එවකට හැරෝ කලා පාසල ලෙස හැඳින්වූ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ ස්වර්ණාභරණ සහ රිදී කාර්මික පාඨමාලාවක් හැදෑරුවාය. ඉන් නොනැවතුණු ඇය තම දෑතේ සවියෙන් ස්වර්ණාභරණයක් නිමවා Portobello මාවතෙහි කුටියකට අලෙවි කළාය. ඇය ඇගේ ජීවිතය හරි අපූරුවට ගැට ගහගෙන යන ගමන් මඟ හෙවත් හැඳිවතේ හැඩතල මැවීමේ කර්මාන්තය සඳහා මෙලෙස දොරටු විවර කර ගැනීමට සමත් වූවා ය.

1962 වසර එළැඹුණි. හූවර් කම්හලේ ආධුනිකයකු වන ඩෙරෙක් වෙස්ට්වුඩ් ඇයට හැරෝහිදී එවකට මුණගැසුණි. ඔවුන්ගේ ප්රේමවෘත්තාන්තයෙහි විවාහය යන සංකීර්ණ ආරම්භය 1962 ජූලි 21 වැනිදා සිඳු විය. වෙස්ට්වුඩ් ඇයගේ මංගල ඇඳුම සාදා ගැනීමට තරම් මෝස්තර නිර්මාණශිල්පිනියකගේ ආභාසය දැරීමට සමත් විය.
කාලය ගතවෙත්ම වෙස්ට්වුඩ්ට Malcolm McLaren හමුවිය. ඒ ඩෙරක් සමඟ ඇතිවූ විවාහය දෙදරා යෑමෙන් අනතුරුවය. 1971 දක්වා තම ඉගැන්වීම් දිගටම කරගෙන ගිය වෙස්ට්වුඩ් ඒ අතර අතර මැක්ලරන් ගේ නිර්මාණයන්ට පණක් පොවන්නට සමත්කම් දැක්වූවාය. Sex Pistols පන්ක් සංගීත කණ්ඩායමේ කළමනාකරු බවට පත් වූයේ මැක්ලරන් ය. මෙම සංගීත කණ්ඩායම වෙස්ට්වුඩ්ගේ සහ මැක්ලරන්ගේ මෝස්තර නිර්මාණ පැළඳ සිටි බැවින් ඔවුන් දෙදෙනා කාගේත් කතා බහට ලක් විය.
වෙස්ට්වූඩ් යන නාමය කෙමෙන් කෙමෙන් ජනප්‍රියත්වයට පත් වූයේ ඇය සහ මැල්කම් මැක්ලරන් කිංග්ස් මාවත ඔස්සේ පවත්වාගෙන යනු ලැබූ ලෙට්-ඉට්-රොක් (Let It Rock) නම් ඇඳුම් සාප්පුවක් පිහිටුවා ඇඳුම් නිර්මාණයෙහි යෙදීමත් සමඟය.
ඇඳුම් පැළඳුම් සහ සංගීතය එකිනෙකට අනුගත කරමින් ඔවුන්ගේ හැකියාව 1970 වසරෙහි UK punk යන දර්ශනය සැකසීමට මූලාරම්භය විය.



එතැනින් පසුබට නොවුනු වෙස්ට්වුඩ් ලන්ඩනයේ වෙළඳසැල් හතරක් විවෘත කළ අතර අවසානයේ බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලෝකය පුරා තම වෙළඳ නාමය ප්‍රචලිත කරවීමට සමත් විය.
න්‍යෂ්ටික නිරායුධකරණය, දේශගුණික විපර්යාස සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම් සඳහා ද ඇය විසින් තම වෙළඳ භාණ්ඩ ප්‍රවර්ධනය කරනු වස් ඇන්ඩ්‍රොජිනස් (සමාජභාවය කාන්තා හෝ පුරුෂ යන අන්ත දෙකට සීමා නොකරන අනන්‍යතාවයක්) මෝස්තර, සටන් පාඨ ටී-ෂර්ට් ආදිය අලෙවි කිරීමට ඇය උත්සුක විය.
බ්‍රිතාන්‍යයන්ගේ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් සහ ව්‍යාපාරික කාන්තාවක් වූ වෙස්ට්වූඩ් “පන්ක් (PUNK)” ඇතුළු නවීන වූ විලාසිතාවන්ගෙන් පිරුණු වෙළඳනාමයන් රැසකගේ හිමිකාරීත්වය දරමින් තම දක්ශතාවය ලොවට බෙදන්න පටන් ගත්තාය. ඇයගේ වෙළඳනාමයන් සහ නිමැවුම් ලොව පුරා ජනප්‍රිය විය. තම වත්කම් සහ තමා පැමිණි ගමන් මගේ හමු වූ කම්කටොළු සියල්ලට මුහුණ දෙමින් දිරිය කතක් සේ තම සන්නාමය ජනතාවගේ හඳවතෙහි කෙටීමට සමත් වූ දිරිය කතක් ලෙස වෙස්ට්වුඩ් හැඳින්විය හැකිය.


ඇයගේ නිර්මාණයන් බ්‍රිතාන්‍ය රාජකීයන් වන විලියම් සහ කේට් මිඩ්ල්ටන්ගේ විවාහ මංගල්‍යයේ ද, ඉයුජීනි කුමරිය ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයෝ ද පැළඳ සිටියහ.
81 ක් වැනි විය පසු කරත්ම හමු වූ 2022 වසරෙහි සීතල දෙසැම්බරය සීතලෙන් වෙලා ගනිමින් එම මස 29 වන දින ඇය නොඑන ගමන් ගියාය.

ඇය දකුණු ලන්ඩනයේ ක්ලැෆම් හි ඇගේ පවුලේ අයගේ උණුසුම මධ්‍යයේ සාමකාමීව මෙලොව හැරදා ගිය බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.
29th December 2022.
— Vivienne Westwood (@FollowWestwood) December 29, 2022
Vivienne Westwood died today, peacefully and surrounded by her family, in Clapham, South London.
The world needs people like Vivienne to make a change for the better. pic.twitter.com/YQwVixYUrV
“මම මගේ හදවතින්ම විවියන් සමඟ ඉදිරියට යන්නෙමි. අපි එකිනෙකා අවසානය දක්වා වැඩ කර ඇති අතර ඇය මට ලබා ගැනීමට බොහෝ දේ ලබා දී ඇත. ස්තුතියි සොඳුරිය.”
හරිම ආදරණීය හැඟුම්බර වචන ටිකක්! ඒ හිත ඇතුලෙ කොතරම් ආදරයක් ගෞරවයක් ඇය කෙරෙහි තිබෙන්න ඇති ද? ඒ අන් කවරෙක් නොවේ ඇයගේ අවසන් ආදරය වූ ඇන්ඩ්‍රියාස් ක්රොන්තලර් ය. ඔහු ඇයගේ ජීවන සහකරුවා පමණක් නොව ඇයගේ නිර්මාණයන් පිටුපස වූ යෝධ ශක්තියයි.
එපමණක් නොව තවත් ඇයට ආදරය කරන පිරිසක් ඇය වෙනුවෙන් ශෝකය පළ කර තිබුණි. ඒ ඇයගේ නිහතමානීකමට ඇය අන් අයට දුන් ආදරයට, අන් අයව ලස්සනට දැකපු විදියට ඇයට ලැබෙන කෘතගුණ සැලකීමකි.
ඇඳුම් ආයිත්තම් කෙරෙන් රටා මවමින් අනෙකාගේ රූපශ්‍රීයට තවත් යම් යම් දේවල් එකතු කිරීමට උපන් හපන්නියක් වූ “Vivienne Westwood” ඔබේ නාමය සන්නාමයක් වී හමාරය! Rest In Peace Westwood!

නිපුනි ලියනගේ