ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළට !

Date:

අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, දෙවැනි කිලෝමීටරයේ සිට කිලෝමීටරයක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 100 දක්වා වැඩිකරන බවයි එම සංගමයේ මහලේකම් ලලිත් රෝහණ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 100 ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ මහලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...