සටහන: පුන්සරා ලියනගේ
2025 ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):Captain America: Brave New World නමින් ඔබට රස විඳීමට ලඟ ලඟම එන මේ සිනමාංගය Marvel ෆෑන්ස්ලටනම් නොඉවසිලිමත් ආරංචියක් වනවා නොඅනුමාන ය. Marvel Comics චරිතයක් වන Sam Wilson හෙවත් Captain America පාදක කරගනිමින් ඉදිරියට එන ඇමරිකානු සුපිරි වීර සිනමාංගයක් ලෙස Captain America: Brave New World හැඳින්වේ.
Marvel Studios විසින් නිෂ්පාදනය කරන ලද සහ Walt Disney Studios Motion Pictures විසින් බෙදා හරින ලද මෙම නව නිර්මාණයෙහි ට්‍රේලරය නිකුත් කිරීමත් සමඟ මාර්වල් ලෝකයට නවමු බලාපොරොත්තුවක් ලැබී තිබේ.
එය Captain America චිත්‍රපට මාලාවේ සිව්වන කතා මාලාව වන අතර මෙය Marvel Cinematic Universe හි 35 වන සිනමා නිර්මාණයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ මැතිව් ඕර්ටන් සමඟින් පීටර් ග්ලාන්ස් සහ තිර රචනය කළ ජූලියස් ඔනා විසිනි.
මෙහි සෑම් විල්සන් හෙවත් Captain America ලෙස ඇන්තනි මැකී රංගනයෙන් දායක වන අතර ඩැනී රමිරෙස්, ශිරා හාස්, කාල් ලුම්බ්ලි, ෂෝෂා රොක්මෝර්, ජොහැන්නස් හෝකුර් ජොහැන්නසන්, ගියන්කාර්ලෝ එස්පොසිටෝ, ටිම් බ්ලේක් නෙල්සන් සහ හැරිසන් ෆෝඩ් ද සිය රංගන දායකත්වයන් සපයනු ඇත.
2016 වසරේ දී කරළියට ආ Captain America: Civil War හි Steve Rogers ලෙස Chris Evans රංගනයෙන් දායක වූ Captain America චරිතයට ඔහු දිගටම පණ පෙවීය.
මැකී මෙවර නව Captain America බවට පත් ව ඇති අතර, නව Captain America චිත්‍රපටයක පෙරමං සලකුණු නංවමින් Malcolm Spellman සහ Dalan Musson විසින් 2021 අප්‍රේල් වන විට ලියා අවසන් කළ මෙහි පාදකය Captain America: New World Order ලෙස පසුව අනාවරණය විය.
මෙම සිනමාංගය 2025 පෙබරවාරි 14 වන දින එක්සත් ජනපදයේ IMAX හි එළිදැක්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
මාර්වල් ලෝකයේ වීර ක්‍රියා සමඟින් නව කැප්ටන් ඇමරිකාගේ වීර කාව්‍ය කෙසේ ලියවේද? සූදානමින් සිටින්න.