ජුලි වෙද්දී බස් ගාස්තු අසීමිත ලෙස ඉහළ යනවා – හේතුව කියමින් ගැමුණු අනතුරු හඟවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 ජුලි මාසය වනවිට අනිවාර්යයෙන්ම බස් ගාස්තු අසීමිත ලෙස ඉහළ යනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“ඉන්ධන මිල අඩු කළා නම් අපට ඒ සහනය ලබාදෙන්න පුළුවන්, ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් අඩු කළේ නැහැනෙ. ඒක නිසා අපි කියන්නෙ ඉන්ධන මිල විතරක් නෙවෙයි, අපට අනිත් පිරිවැයත් අඩු කරන්න ඕනෙ. අපට බරපතළ ප්‍රශ්නයක් තියෙනවා පිරිවැයත් එක්ක. අනිත් භාණ්ඩ අඩුකරලා නෑ, අපේ අමතර කොටස් මිල අඩුකරලා නෑ. ඒවාත් එක්ක අපි බරපතළ අර්බුදයක ඉන්නෙ. ඒක නිසා මම කියන්නෙ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජූලි මාසය වනවිට බස් ගාස්තු අසීමිත ලෙස වැඩිවීමක් නම් සිද්ධ වෙනවා. ඒක මට ඉඳුරාම කියන්න පුළුවන්”

ප්‍රශ්නය – ඒ මොකද එහෙම වෙන්නෙ ?

“ජුලි මාසයේ වැඩිවීමක් වෙනවා කියන්නෙ, බස් එකක මිල වැඩිවෙලා තියෙනවා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට. මේ සාමාන්‍ය බස් රථයක් අපේ පාරේ දුවන. ඉතින් ඒකට සාපේක්ෂව අනිත් පිරිවැය සියල්ලම මේ වෙනකොට වැඩිවෙමින් තියෙනවා. අපට ඒක ජුලි මාසයේදී ගණනය කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ මැද වාර්ෂික ගාස්තු සංශෝධනයේදී නම් බස් ගාස්තු වැඩිවීමකට යාමට වෙනවාමයි, මොකද බස් රථයේ මිල අධික වෙලා තියෙන නිසා”

“අපි බලාපොරොත්තු වුණා ඉන්ධන මිල අඩුකරයි කියලා මේ අවුරුද්දේ මුලටම. ඉන්ධන මිල අඩු කළා නම් අපි බස් ගාස්තු කරන්න ඕනෙ. හැබැයි ලොකු ගාණකින්, රුපියල් තිස් ගාණකින්වත් ඉන්ධන මිල අඩුකරන්න ඕනෙ. මොකද ගියපාර අඩු කරනකොට අඩු කළා රුපියල් තිස් ගාණකින්, අපි බස් ගාස්තු අඩු කළා. ඒ වගේම බස් ගාස්තු අඩුවෙන්න නම් ඒ ප්‍රතිශතයට එන්න ඕනෙ. අපි දැන් රුපියල් 03ක් පාඩුවට ධාවනය කරන්නෙ. 4% ප්‍රතිශතයට අඩු කළා නම් අපි සම්පූර්ණයෙන්ම ඒ සහනය දෙනවා. නමුත් මං හිතන්නෙ නෑ. ඒක සිහිනයක් වෙයි අඩුකරනවා කියන එක. ජනතාවගේ සිහින බොඳවෙලා තියෙන්නෙ දැන්”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 01) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...