සටහන: පුන්සරා ලියනගේ
2025 ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නිව් ඔර්ලියන්ස් හි බෝර්බන් වීදියේ මාරාන්තික ප්‍රහාරයක් සමඟින් අලුත් අවුරුද්දේ සිරිය ධූරීන්භූත වී ගියේ දස දෙනෙකුට පමණ මරු කැඳවමින් මෙන්ම දුසිම් ගණනකට තුවාල ද සිදු කරමිනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රහාරකයා ටෙක්සාස් හි එක්සත් ජනපද පුරවැසියෙකු වන 42 හැවිරිදි ෂම්සුඩ්-ඩින් ජබ්බාර් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු අන්තවාදී සංවිධානයක් වන ISIS සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇතිබව ද හුවා දක්වමින් FBI මෙම සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස පෙන්වා දී තිබේ.
මෙම ප්‍රහාරය හෙළා දකිමින්, බලධාරීන් තවදුරටත් එල්ල වීමට හැකි තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම, ලාස් වේගාස් හි ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හෝටලයෙන් පිටත බිහිසුණු පිපිරීමක් සිදුවීමත් එදිනම සිදු වූ තවත් සිදුවීමක් වන අතර එහි පවතින දේශපාලනික පැතිකඩ පිළිබඳ පවතින විවිධ මතයන් හෙළිදරව් කිරීමත් සමඟ ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටිකෝණයක් මේ වනවිට මතුව තිබේ.
ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හි පිටත සිදුවූ ප්‍රහාරය කුලියට ගත් ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් හෝටලය අසල නවතා තිබියදී එය පුපුරා යාමෙන් සිදු වූ අතර එහිදී රියදුරු මිය ගොස් අසල සිටි කිහිප දෙනෙකුට සුළු තුවාල ද සිදු විය.
Photo: BBC
බලධාරීන් විසින් මෙම සයිබර් ට්‍රක් රථයේ මෝටාර්, පෙට්‍රල් කැනිස්ටර් සහ ඉන්ධන කැනිස්ටර් වැනි පුපුරණ ද්‍රව්‍ය පැවති බව අනාවරණය කරගත් නමුත් එය කිසිදු සංවිධානාත්මක කණ්ඩායමකට සම්බන්ධ බවට ස්ථිර සාක්ෂියක් ඔවුන් තුළ නොතිබුණි.
මෙවැනි සිදුවීම් දාමයන් හැම එක්කටම ත්‍රස්තවාදීන් තමයි ඕක කළේ කියලා අතපිහදාගන්න හදන ඈයෝ වෙනත් කෝණයකින් මේ පිලිබඳ ව සිතීම අගනේය.
විමර්ශනයන් දිගටම කරගෙන යන අතරතුර අන්ත දක්ෂිණාංශයේ ඇතැම් කන්ඩායම් කියා සිටින්නේ මෙම පිපිරීම නිව් ඕර්ලියන්ස් හි ප්‍රහාරයට සම්බන්ධතාවයක් ඇති බවත් ඊට බාහිර බලවේගයන් වන ත්‍රස්තවාදී බලවේග සම්බන්ධ බවත් ය.
මෙම පිපිරුම කිසිඳු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බව කියන කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති වුවද, ට්‍රම්ප්ගේම සමීපතමයන් ඇතුළු අන්ත දක්ෂිනාංශික දේශපාලනඥයන් සහ මාධ්‍ය තුළින් ටෙස්ලා සමාගමට හෙවත් වක්‍රාකාරයෙන් එලෝන් මස්ක්ට දොස් පැවරීමට කටයුතු කිරීමත්, ප්‍රහාරයේ සැබෑ ස්වභාවය වසන් කිරීමට දරණ උත්සාහයන් පිළිබඳවත් පෙන්වා දෙයි.
තවත් පිරිසක්, මෙම පිපිරීම තනි පුද්ගල ක්‍රියාවකට වඩා, මහා කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කරයි.
නිව් ඕර්ලියන්ස් හි ප්‍රහාරකයා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වූ බව හැඟවූ පසුව ඔහු කෙලින්ම ත්‍රස්තවාදියෙක් යැයි ලේබලය ගැසීමට කිසිවෙක් දෙපාරක් නොසිතයි. එහෙත්, එවැනි සංවිධානාත්මක කණ්ඩායම් සමඟ සම්බන්ධකම් නොමැති සුදු ජාතිකයින් සම්බන්ධ වන ඕනෑම කුප්ප වැඩක් ඔවුනොවුන්ගේ නැතුව එයත් බාහිර බලපෑමක් බව කියා පහසුවෙන් ලිස්සා යෑමේ හැකියාවක් ඔවුන් නිර්මාණය කරගෙන තිබේ.
එක්සත් ජනපදයේ ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය තේරුම් ගන්නා ආකාරයද බොන්න ඕනි ප්‍රශ්නයකි.
මෙම කරුණු මඟින් ගම්‍ය වන්නේ, විදේශීය අන්තවාදී සංවිධානයකට සම්බන්ධ හෝ සුළු කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු විසින් ප්‍රහාරයක් එල්ල කළ විට එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස වහා ලේබල් කිරීමට අන්ත දක්ෂිණාංශිකයින්ට කිසිඳු පැකිලීමක් නැති බවයි.
නෙල්සන් මැන්ඩෙලා ගේ කළු-සුදු භේදය වෙනුවෙන් සටන් කිරීමේ ඒ මහා සංග්‍රාමය නැවත පසක් කර දෙමින්, සුදු නැති, ඇමරිකානු නොවන පුද්ගලයින් සමඟ ත්‍රස්තවාදය සම්බන්ධ කිරීමට උත්සාහ දැරීමත්, සුදු ජාතිකයින් විසින් සිදු කරන ලද ඕනෑම නොහොබිනා වැඩකට සමාව දීමත් කැපී පෙනෙන ලක්ෂණයක් වී හමාරය.
තවත් කැපී පෙනෙන සිදුවීමක් වන්නේ, ලිංගික අපරාධකරුවන් පිළිබඳ එලා කොක්බේන්ගේ පර්යේෂණය වැරදි ලෙස අර්ථකථනය කිරීමයි. එමඟින් ඇයගේ ප්‍රධාන පෙළේ පරීක්ෂණ පහක දත්ත බෙදා හැරීම, ස්ත්‍රී දූෂණයට වැඩිපුරම සම්බන්ධ වන්නේ “සුදු ජාතිකයින් නොවන පුද්ගලයින්” ලෙස ස්ථාවරත්වයක් ප්‍රකාශ කරයි. දූෂණ සම්බන්ධයෙන් අපරාධකරුවන්ගෙන් සියයට 96ක් සුදු ජාතිකයන් නොවන බව හෝ සියයට 80ක් පකිස්තාන ජාතිකයන් බව කොක්බේන් ප්‍රකාශ කරන්නේ නැත, නමුත් චෝදනාවට ලක්වූ සැකකරුවන්ගෙන් සියයට 83ක් ආසියාතික පකිස්ථානුවන්, සියයට 11ක් වෙනත් ආසියාතික ජනවර්ගයක් සහ 6ක් සුදු ජාතිකයින් බව එහිදී සාකච්ඡා කරයි.
මෙවැනි පටු අදහස් මඟින් ප්‍රචණ්ඩත්වය පිළිබඳ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයන්ට දේශපාලන වාසි සඳහා බියවද්දා ගත හැකි පරිසරයක් පවත්වා ගැනීමට උපකාරී වන බව පැහැදිලිය.
ජාතිවාදය සහ ඉස්ලාම් භීතිකාව මෙම විෂ සහිත දේශපාලන මඩ ගොහොරුවේ අතුරු ප්‍රතිඵල පමණක් නොව එය ඔවුන්ට වාසිදායක ඉත්තෙකු වී හමාරය.
මෙම පහත් සිතිවිල දාමයන් හඳුනාගෙන ඒවාට පිළියම් යොදන තුරු, අන්ත දක්ෂිනාංශය එක්සත් ජනපදය පුරා බෙදීම් සහ අසමානතාවය පතුරුවාලමින් ඔවුන්ගේ ජරා දේශපාලන අරමුණුවල රූකඩ ලෙස ඒ ඒ මිනිසුන් යොදා ගන්නා ආකාරය අපට පැත්තක හිද බලාගෙන ඉන්නට වනු ඇත.
ඔක්කොම කුණු බේරෙ වැවට වගේ සියල්ල ත්‍රස්තවාදයට දමා අත පිහදාගැනීමට වඩා හරි තැන පැත්තක් නොබලා කටයුතු කිරීමට එක්සත් ජනපදයේ ලොක්කන්ගේ ඇස් පෑදේවායි’ අලුත් අවුරුද්දේ අපි පතමු!