පිළිකා පිළිබඳ කොළ එළියක් එංගලන්තයෙන්!

Date:

සටහන: පුන්සරා ලියනගේ

2025 ජනවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එංගලන්තයේ NHS සංඛ්‍යාලේඛන වලට අනුව පෙන්වා දෙන්නේ මුල් අවධියේදී පිළිකා රෝග විනිශ්චය කරන ලද රෝගීන්ගේ අනුපාතය වාර්තාගත ලෙස ඉහළම මට්ටමක පවතින බවයි.

2023 සැප්තැම්බර් සහ 2024 අගෝස්තු මස අතර කාලය තුළ හඳුනාගත් අයගෙන් 58.7% ක් පිළිකාවේ පළමු සහ දෙවන අදියරේදී හඳුනාගෙන ඇති අතර එමඟින් එය වලක්වා ගැනීමේ අවස්ථාව සැලසී ඇති බව වඩාත් සුලභ පිළිකා 13 ක් සඳහා වූ දත්ත මඟින් පෙන්නුම් කර තිබේ.

මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වැනි බොහෝ දෑ හේතුවෙන් මේ වනවිට පිළිකා සම්බන්ධයෙන් විශාල වෙනසක් ඇති වී ඇති බව එංගලන්තයේ NHS පෙන්වා දීය.

නමුත් මෙවැනි ප්‍රගතියක් තිබියදීත්, 2028 වසර වන විට පළමු හා දෙවන අදියරේදී පිළිකා වලින් 75% ක් හඳුනා ගැනීමේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට එංගලන්තය තවමත් අරගල කරමින් සිටින බව ද ඔවුන් ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...