සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 02 ,(LNW)කොළඹ :
කාලයක් තිස්සේ රගර් පරිපාලනයේ සිටි,දඩවලට රට යටත් කළ,රගර් පරිපාලනය ණය කළ පුද්ගලයින් දෙස් විදෙස් හි බලය නියමාකාරයෙන් සහ අනියමින් රැක ගෙන දේශපාලනඥයන්ට,අමාතංශ ඉහළ නිලධාරීන්ට හේත්තු වී රගර් පරිපාලනයට බාධා කරමින් කළ කටයුතු නවතා අධිකරණය විසින් කරනු ලැබූ නියෝගය අනුවත්,නව අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මඟ පෙන්වීම මතත් නව නිලවරණයකට යාමට සූදානමින් සිටියි.මේ වන විට ඊට ක්‍රිඩාවට සම්බන්ධ ප්‍රබලයෙකුව මැදිහත් කරගෙන ජනාධිපතිවරයා හරහා සහ අග්‍රාමාත්‍යතුමිය හරහා මේ නිලවරණය නැවත්වීමට දරණ උත්සාහයක් ද වාර්තා වී තිබේ.එසේම අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව පැවත්වෙන මෙම නිලවරණයට එරෙහිව අධිකරණයට යාමේ උත්සාහයක් ද තිබෙන බව වාර්තා වෙයි.
මෙම නිලවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේ දී පළාත් සංගම්වල හැසිරීමේ සිටම වැරදියට භූමරංග භාවිතා කළ අය කෙරෙහි ඒවා තදින් නැවත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණ.විශේෂයෙන්ම පළාත් සංගම් දෙකක් සාමාජික මුදල් නොගෙවීම පාදක කරගෙන ඒවාට සදාකාලික වාරණයක් තිබිය යුතුය යන ආකාරයෙන් හැසිරෙමින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට උපදෙස් දෙමින්,පැමිණිළි කරමින් කටයුතු කළ පුදගලයෙකුට සභාපති ධූරයට ඉදරිපත්වීම වැළකී ඇත්තේ එම නාම යෝජනා ස්ථීර කර ඉදිරිපත් කළ පළාත් සංගම් සාමාජික මුදල් නොගෙවීම නිසාය.මෙවැනි තත්ත්වයකදී පිළි නොගත යුතු බව කියමින් වැඩියෙන්ම විවේචන ඉදිරිපත් කළ පුද්ගලයෙකුට එම හේතුවම පදනම් කරගෙන සභාපති ධූරයට ඉදිරිපත්වීමට නොහැකිවීම ඛේදයකි.
ඔහු දැඩිව පළාත් සංගම්වල ඡන්දබලය අහිමි කිරීම වෙනුවෙන් පෙනී සිටියදී පළාත් සංගම් කිහිපයක් ඔහුව යෝජනා ස්ථීර කිරීම ද සිතා ගැනීමට නොහැකි තත්ත්වයකි.එසේම ප්‍රතිපත්තිමය වශයෙන් එම සංගම්වල හෘදය සාක්ෂිය ප්රශ්නකාරී වන තත්ත්වයකි.ඒ ඔවුන්ගේ කැමත්තය.එහෙත් එය නීත්‍යානුකූල වීමට අවශ්‍යය පසුබිම සකසා ගෙන නොමැති වීම වරදක් වී ඇත.
එසේම බස්නාහිර පළාතෙන් උප සභාපති තනතුරකට ඉදිරිපත් වීමට උත්සාහ කළ ක්‍රීඩා විෂයට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් ද බස්නාහිර පළාතෙන් හෝ සුදුසුකම් නොලද්දේය.දැනට මෙම නාම යෝජනා සඳහා කැමත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමේදී විශේෂයෙන් බස්නාහිර පළාතේ තත්ත්වය අනුව ක්‍රීඩා සමාජ මට්ටමට වඩා පුද්ගලයින් සම්බන්ධයෙන් සුදුසුද නැද්ද යන්න සළකා බලා කටයුතු කිරීමේ ප්රවනතාවයක් දැකිය හැකිය.ඇතැම් කණ්ඩායම්වල සාමාජිකයින් ඡන්ද 1 හෝ 2 ලෙසත්,ඉතා අඩු ගණනක් ලැබීමත් දැකිය හැකි අතර එම කණ්ඩායම්වලටම සම්බන්ධ සමහර පුද්ගලයින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ආකාරයත් දැකිය හැකිය.
වසර ගණනක් රගර් පරිපාලනය ස්ථාවරව නොතිබුණේ ඇයි?
පැහැදිළිවම වරදකරුවන්ට දඬුවම් නොලැබීම නිසාය.පරිපාලනය පමණක් නොව ඇතැම් විට හරියට ක්‍රියාත්මක නොවන දුශ්කරතාවලට මුහුණ දෙන ක්‍රිඩා සමාජ මෙන්ම සමස්තරගර් ක්‍රීඩාවේ නැගිටීමද නැවතී ඇත්තේ වරදකරුවන් සම්බන්ධයෙන් මේ දක්වා පත්වූ පරිපාලන මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය ද පියවර නොගැනීම නිසාය.පළාත් ලෙස විසිරී සිටින ක්‍රීඩා සංගම්,ක්‍රීඩා සමාජවල තත්ත්වය දියුණු කිරීමට ලෝක රගර් සම්මේලනය එවන මුදල් වැයවෙන්නේ නිලධාරීන් විසින් කළ වරදක දඩයක් ගෙවන්නය.එම වරද කළ නිලධාරීන්ම ලෝක සම්මේලනයට දන්වන්නේ එම මුදල සංවර්ධනය සඳහා එවන මුදලෙන් වාරික ලෙස වාර්ශිකව කපා ගන්නා ලෙසය.
ඉඨ පසුව විවිධ දේශපාලන පිනවීම් මෙන්ම වෙනත් කරුණු නිසා ද රගර් හී ගිණුම හිස් කළ මිනිසුන් එය ණය බරේ ගිල්වා ඇත.මේ සියල්ල නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා හිටපු රගර් නායකයෙකු ලෙස ක්‍රීඩා අමාත්‍ය ධූරයට පැමිණි පසු විසඳෙනු ඇතැයි ද රගර් ඉහළට එනු ඇතැයි ද සිතුවද,එම මොහොතේ සිඳු වුයේ වෙනත් දෙයක්ය.
තමන්ගේ හිතවතෙක් අසමත් පුද්ගලයෙක් ආසියාව සමඟ තිබෙන සම්බන්ධකම් ද සළකා ආසියානු සභාපතිගේ සහය ද ගෙන ලංකාවේ පැවති රගර් පරිපාලනයට උඩින් උපදේශක කමිටුවක් නම් කර එහි ප්‍රධානියා ලෙස පත් කළේය.එසේම දේශිය රගර් අනුග්රුාහකත්වය ආසියානු මට්ටමට රැඟෙන ගිය අතර දේශිය රගර් සඳහා අනුග්රාහයකයෙකු නොමැති විය.එහෙත් පරිපාලනයට නායකත්වය දුන් රිස්ලි ඉල්ලියාස් ඒ සියලු ගැටළු විසඳගෙන ප්‍රධාන අනුග්‍රාහකයෙකු වගේම වෙනත් අනුග්රාහකයන් දෙස් විදෙස් සහයන් සොයා ගනිමින් ඇමතිවරු ළඟ,ආසියාව ළඟ දනින් වැටෙයි සිතූ රගර් පෙරට ගෙන ගියේය.
ලංකාවේ රගර්වලට කරන ආසියානු අනීතික සහ සදාචාරසම්පන්න නොවන අතපෙවීම්වලට විරුද්ධව ශ්‍රී ලංකාවේ සභාපතිවරයා පෞද්ගලිකව අන්තර්ජාල දුරකථන පහසුකමක් භාවිතා කරමින් ආසියානු සභාපතිවරයාට දොස් නඟන්නේ ඒ අවස්ථාවේය.මෙය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ නිලධාරීන්ම එහි සිටියදී ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාවේ රගර්වලට ගල් පෙරළීම ආරම්භ කරන්නේය.ලංකාවේ පිරිස්ද,දේශපාලකයෝද අමාත්‍යංශවල සිටි නිලධාරීන්ද ලංකාවේ රගර් ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ පුද්ගලයාට හරියට චෝදනා ඉදිරිපත් කරන ලෙස හෝ බලපෑම් නොකර සිඳු කළේ ඔහුපෙරළන ගල් ඔසවා දීමය.
වර්ථමානයේ හරි රගර් වැඩපිළිවෙලක්,පරිපාලනයක් නොමැතිව රගර් අධිකරණ ගණනේ රස්තියාදු වීම ඇරඹෙන්නේ, දේශීය රගර් ක්‍රීඩාව ගැන සහ එහි ස්වාධීනත්වය ගැන නොතකා ආසියානු සභාපති සමඟ අඩව් අල්ලන්නට එකතු වූ ලංකාවේ දේශපාලන සහ රාජ්‍ය නිලධාරීන් ද,රගර් කේෂ්ත්‍රෙය් නිලවරණයකදී බලය ගැනීමට නොහැකිව පණතෙන් දේශපාලකයාට පැවරෙන බලය අනුව තනතුරු ගන්න උත්සාහ කරන අසාර්ථක පුද්ගලයින් නිසාය.
මේ එළැඹ තිබෙන්නේ එම අවස්ථාව නිරාකරණය කර ගැනීමේ මොහොතය.ආසියාවට හෝ ජාත්‍යන්තරයට අවශ්‍යය විදිහට වහලුන් සේ හැසිරීම පසෙක ලා මේ මොහොතේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේනම් සළකා බැලිය යුතු කරුණු ගණනාවක්ම වන්නේය.ඒවා ඇලපිලි පාපිලි හෝ නොවෙනස්ව ලෝකයට අවශ්‍යය විදිහට නොවේය.රටේ ව්‍යහුයට ගැලපෙන විදිහට කරන විග්‍රහයක් ද සමඟ ලෝක සම්මේලනයේ අදහසට එකඟවීමක් පමණක් විය යුතුය.ඒවා ලෝක සම්මේලනය එක්ක දීර්ඝ ලෙස කරුණු හුවමාරු කර ගනිමින්,යළි යළි සාකච්ඡා කරමින් සිඳුවිය යුුතු දේ ය.
නිලවරණය පැවත්වීම
රගර් ව්යවවස්ථාවේ වර්ථමානයේ බලය හිමි විය යුතු අයට ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ විට ඒ දේ කරන්නට අපහසුවක් නොවන්නේය.ඒ සඳහා සුදුසු වාතාවරණය සැකසෙමින් ඇත.නිලවරණ කමිටුව උගත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත වන්නේය.එම නියෝජනයත් සමඟ ක්‍රීඩා නීතිය ගැන පළල් අවබෝධයක් ඇති පස් දෙනෙක් සියල්ල සළකා බලා නීත්‍යානූකූල පිරිස මේ වන විට නිලවරණය සඳහා තරග වැදීහට තෝරා ගෙන ඇත.
සභාපති තනතුරට දෙදෙනෙක් හැරෙන්න වෙනත් තනතුරුවලට පත්වීම සිඳුවනු ඇත්තේ තරගයකින් තොරවය.යම් ආකාරයක විරෝධයක් ඇත්නම් එය ප්‍රකාශ කිරීමට ජනවාරි 7 වන දා වනතෙක් ඉඩ ඇත.ඒවා නිසි පිළිවෙලට භාර දිය යුතුය.
විරෝධතා මතුවීමට ඇති ඉඩ
මේවා තීරණය වන්නේ කෙසේ හෝ බලයේ රැදී සිටීම අපේක්ෂාව වී ඇති අයගේ නොතේරීම මතය.නිලවරණයක් පැවත්වීම වළක්වමින් වසර ගණනක් තිස්සේ වෙනත් ක්‍රම මඟින් පාලනය ආරක්ෂා කර ගනිමින් සිටි පිරිස්, පාලනයට අත දමාගෙන සිටි පිරිස් නිශ්චිත ව්‍යවස්ථාමය ක්‍රමවේදයක් මත බලයට එන්නට පිරිසකට ඉඩ ලැබෙන නිලවරණ අවස්ථාවට හරස් වෙන්නට මාන බලති.ඊට ඉදිරිපත්වීමවත් ක්‍රමවත්ව නිවැරදිව කර ගන්නට අපොහොසත් වූ පිරිස් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙක් සිටින නිලවරණ කමිටුව ද අභියෝගයට ලක් කරමින් වසර ගණනකට පසුව පැවත්වෙන්නට සූදානම් වන නිලවරණයේ පයෙන් අඳිමින් සිටියි.
මෙම තත්ත්වය ඇති වීම ගැන මෙන්ම නිලවරණය නොපැවත්වීම නිසා ශ්‍රී ලංකා රගර් අයාලේ යාම ගැන ද,මේ වන විට ජාතික ක්‍රීඩා සභාවට නම් කර සිටින ප්‍රියන්ත ඒකනායක නොදන්න විදිහක් නැත.රගර් කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක්ව දන්නා හඳුනන ප්‍රියන්තට හිතවතුන් බොහෝ පිරිසක් රගර් කේෂ්ත්‍රෙය් සිටින නිසා,සමහර විට ජනපති අගමැති වැනි චරිත හමුවන්නට ඔහුගෙන් ද සහය ඉල්ලා සිටින්නට ඉඩ ඇත.ඔහුට පැවරී ඇති වගකීම හිතවතුන් රැකිම නොවන නිසා ක්‍රීඩාවට සාධාරණයක් කරන පුද්ගලයෙකු ලෙස මේ තත්ත්වයන් වෙනස් කරන්නට අසාර්ථක වූ පුද්ගලයන්ට හෝ ක්‍රීඩා පණතෙන් වරම් හිමි නැති ව්‍යාපාරිකයන්ට අවස්ථාව දීමට මැදිහත් වනු ඇතැයි සිතිය හැකිය.
එසේම මේ මෑතකාලීන ඉතිහාසය තුළ රගර්වලට සිඳු වූ දේ ද ඔහු හොඳින්ම දන්නේය.දේශපාලකයො කළ කී දේ ද,ඉහළ නිලධාරීන් කළ කී දේ ද පමණක් නොව ලංකාවේ රගර් ගැටළුකාරී තැන්වලට තල්ලු කළ,ණය කළ පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් රගර් පරිපාලනයන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශය මට්ටමෙන් ද ක්‍රියාමාර්ග නොගැනීම නිසා ඔවුන් ජාත්‍යන්තරයේ ද තනතුරු හොබවමින් ලංකාවේ රගර්වල ස්වාධීනත්වයට බාධා කරන බව ද දන්නේය.ඒ නිසා ප්‍රියන්ත ප්‍රියතාවයක් ඇති රගර් පරිපාලනයකට එළි ඇති මේ ව්‍යවස්ථාපීත සහ ස්වාධීන තත්ත්වය ගැනත්,රටක රගර් ක්‍රීඩාවක ස්වාධීනත්වයට, සීමාව ඉක්මවා කරන බලපෑම් ගැනත් හොඳ අවබෝධයකින් සිටීම වැදගත්ය.
හැබැයි ලංකාවේ රගර් ප්‍රියතාවයක් ඇති තැනක් කරන්නට අපියකරු තත්ත්වයට පත් කළ,එහි කීර්ති නාමයට හානි කළ පුද්ගලයින් සම්බන්ධයෙන් පත්වන පරිපාලනය නීතිමය කටයුතු කළ යුතුව ඇත.එසේම ණය වුණේ කෙසේද යන්නත්,ඒ ණය වූ අයට එම වියදම් සම්බන්ධයෙන් නිවැරදි සහ සාධාරණ කරුණු ඉදිරිපත් කිරිමට නොහැකිනම් ඒ සම්බන්ධයෙන් ද අවශ්ය්ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත්ය.
නිලවරණයට ඉල්ලන්නට උත්සාහ කර එය අසාර්ථක වූ පසු නවතන්නට නීතියට කරුණු දක්වන්න යන පිරිස් ගැන අප සැළකිල්ලෙන් සිටින්නෙමු.එ් සඳහා පුළුල් අවබෝධයක් ඇති අධිකරණය හෝ දේශපාලනය මේ බල වියරුව උත්නර්ශයට නංවනු ඇතැයි සිතිය නොහැකිය.
අපි කෙසේ වුවත් කලපනාවෙන් බලා ඉම්මු.දේශිය රගර් ක්‍රීඩාවේ පෞරුෂය විඳහා පෙන්වමින් නව පරිපාලනයක් ස්ථාපිත වීම බාධාවකින් තොරව සිඳුවනු ඇයි සිතමු.!