බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW :

අද (02) දින සියලු බන්ධනාගාර අධිකාරිවරුන් කොළඹට කැඳවා තිබෙන බව වාර්තා වේ. ඒ බන්ධනාගාර මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, එම සාකච්ඡාව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවය.

බන්ධනාගාර ආරංචි පැවසුවේ, එහිදී සියලු බන්ධනාගාරවල ගිය වසරේ ප්‍රගතිය පිළිබඳ බන්ධනාගාර අධිකාරීවරුන් පැහැදිලි කළයුතු බවයි. එමෙන්ම මෙම වසරේ බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා සැලසුම්ද ඔවුන් ඉදිරිපත් කළ යුතු වනවා.

බන්ධනාගාර කිහිපයකින් පසුගිය දින කිහිපයේ වාර්තා වූ ඇතැම් සිද්ධීන් වාර්තා වී තිබූ පසුබිමක් තුළ සියලු බන්ධනාගාර අධිකාරීවරුන් මෙලෙස කොළඹට කැඳවා තිබීමද විශේෂත්වයකි. ඒ අතර වැඩි වශයෙන් කතාබහට ලක් වූයේ බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය පිළිබඳවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය දින කිහිපයේදී එම බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන්ගේ සිර මැදිරිවල තිබී ජංගම දුරකතන ඇතුලු උපාංග රැසක් සොයා ගනු ලැබූ අතර, මේ අතර බන්ධනාගාර මූලස්ථානයේ අද රාත්‍රියේ පිරිත් සජ්ඡායනයක්ද පැවැත්වෙන බව වාර්තා වේ.

එය සංවිධාන කරනු ලබන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ බෞද්ධ සංගමයේ ප්‍රධානත්වයෙන් වන අතර, පසුදා උදෑසන මහා සංඝරත්නයට හීල ධානයද පිරිනැමෙන බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...