අරගලයට දායක වූවන්ගේ අමුතු සැමරුම..

Date:

නව වසර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ අරගලයට දායක වූවන් සැමරුවේ වෙනස්ම ආකාරයකට ය.
සුබ නව වසරක් වේවා වෙනුවට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඊයේ (01) සැරසුනේ වසන්ත නිදහස් කරන ලෙස ඉල්ලා පල වූ හෑෂ් ටැග් වලිනි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, සමාජ ක්‍රියාකරීන්, අරගලයට දායක වූවන් මෙන්ම ඇතැම් සාමාන්‍ය ජනතාවගේද ෆේස් බුක්, වට්සැප් ආදී සමාජ මාධ්‍ය ගිණුම් ඊයේ(01) අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රුවින් සැරසී තිබිණ.

ජනතාව සමග ජනතාව වෙනුවෙන් සටන් වැදුණු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඇති ඔවුන් 2023 ද අරගලයේ වසරක් බව පෙන්වා දී තිබුණේ වසන්තගේ නිදහස පතා විවිධ සුබ පැතුම් එක් කරමිනි.

වසන්ත ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන තුරු හා ත්‍රස්ත පනත අහෝසි කරන තුරු අඛණ්ඩව සටන් වදින බව ඔවුන් තම ගිණුම්වල සටහන් තබා තිබුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...