පේදුරු තුඩුවේ ගින්නකින් දෙදෙනෙක් මරුට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 කොළඹ (LNW): අද (02) අලුයම හටගත් ගින්නකින් පේදුරුතුඩුව, මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක පුද්ගලයින් දෙදෙනෙකු පිලිස්සී මිය ගොස් ඇති බව වාර්තා වේ.

පොලිසිය සදහන් කරන්නේ, මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක මෙම ගින්න ඇතිව තිබෙන බවයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් පිලිස්සී මියගොස් ඇත්තේ අවුරුදු 37ක් සහ 45ක් වූ උඩුපුස්සැල්ලෑව, ලෝමන්ට්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් වේ.
මෙම පුද්ගලයික් දෙදෙනා මාළු වාඩිය තුළ රැදී සිටිමින් රැකියා කටයුතු සිදු කර ඇත.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලිසිය සිදු කරනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...