හොඳින් හෝ නරකින් රට ගොඩගන්නවා – මනූෂ

කොළඹ LNW:හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය බලය සහ මඟපෙන්වීම ජනාධිපතිවරයා ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ගත වූ කාලයේ දී ආර්ථිකව කඩාගෙන වැටුණු රටවල් තවමත් දැඩි අර්බුදයක සිටින බවත් එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවට සාර්ථකව නැගීසිටීමට හැකියාව ලැබුණ බවත් නානායක්කාර මහතා කියාසිටියි.

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගත් ඇතැම් රටවල් තවමත් සිය ආර්ථිකයන් යථාතත්ත්වයට පත් කරගැනීමට නොහැකිව සිටියත් මෙරටට ඉන් මිදීමට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ අධි උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී තිබුණත් අදවන විට එම තත්ත්වය ඉතා සාර්ථක ලෙස මැඩපැවැත්වීමට හැකියාව ලැබි තියෙනවා. මේවන විට උද්ධමනය තනි ඉල්ලක්කම අගයක් දක්වා පහතට ගෙන ඒමටද හැකියාව ලැබුණා. දැඩි තීන්දු ගැනීමට පියවර ගැනීමට සිදුවූයේ මෙරට පවතින විෂම චක්‍රය අවසන් කිරීමේ අරමුණ ඇතිවයි. ඒ අනුව මෙතෙක් පැවති සහනාධාර ක්‍රමය අවසන් කිරීමට හැකියාව ලැබුණා. එමගින් ජනතාව රැවැටීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට හැකියාව ලැබුණා. හොදින් හෝ නරකින් මෙරට මුහුණ දී ඇති අභියෝගාත්මක තත්ත්වයෙන් රට මුදවා ගැනීමට රජය කටයුතු කරනවා. එහිදී ආර්ථික ශක්තිමත්ව වර්ධනය කරමින්, ජනතාවට වඩා යහපත් හෙටක් බිහි කිරීමට කටයුතු කරනවා.රට ගොඩ නැගීමට නොබියව තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය බලය සහ මඟ පෙන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදී තියෙනවා. එම මඟ පෙන්වීම යටතේ මෙම වසරේ දී පෙරටවත් වඩා කැපවීමකින් සියලුදෙනාගේ යහපත උදෙසා කටයුතු කිරීමට පියවර ගන්නවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...