කොළඹ LNW:කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
ආසිරි පෝට් සිටි හොස්පිටල් පුද්ගලික සමාගම විසින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් යටතේ කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එකී විධිවිධාන යටතේ අදාළ නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්රදානය කිරීම සඳහාත්, එම ව්‍යාපෘතිය ක්ර මෝපාය වැගත්කම්ක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇත.
ASK