ජපානේ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 48ක් දක්වා ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (01) දින ජපානයට බලපෑ භූමිකම්පාවෙන් පසු මිය ගිය සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පවසන්නේ භූමිකම්පාවෙන් ජීවිත හානි රැසක් සහ විශාල හානියක් සිදුව ඇති බවයි.

ගලවාගැනීමේ කණ්ඩායම් 1000ක් පමණ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයමින් සිටින බවත්, ජපාන හමුදාව නිවසින් පිටව යාමට සිදුවූවන් සඳහා ආහාර, ජලය සහ බ්ලැන්කට් ඇතුළු සැපයුම් ලබා දී තිබෙන බවද වාර්තා වේ.

මේ වනවිට ජපාන මුහුද ආශ්‍රිතව සියලුම සුනාමි උපදේශන ඉවත් කර ඇති අතර, එයින් අදහස් කර ඇත්තේ තවදුරටත් එවැනි සිදුවීමක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.

ඊයේ (01) රික්ටර් පරිමාණයේ 7.6 ක භූමිකම්පාවක් සිදුවීමෙන් පසු තවත් පසු කම්පන රැසක්ද සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගලවා ගැනීමේ සේවකයින් දහස් ගණනක් එම ප්‍රදේශවලට පිටත් කර යවා ඇති නමුත් දිවි ගලවා ගත් අය සෙවීමට අවහිර වූ මාර්ග එයට බාධාවීඇති බවද වාර්තා වේ.

එරට අගමැති ෆුමියෝ කිෂිඩා මෙම සෙවීම විස්තර කර ඇත්තේ “කාලයට එරෙහි සටනක්” ලෙසටයි .

විදෙස් මාධ්‍ය පවසන්නේ, ප්‍රදේශයට පැමිණෙන බොහෝ දුම්රිය සේවා, පාරු සහ ගුවන් ගමන් අත්හිටුවා තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...