Daily News නව ප්‍රධාන කතෘධූරය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේසර අබේවර්ධනට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 කොළඹ (LNW) : මෙයට වසර 106 කට පෙර එනම් 1918 ජනවාරි 03 වන දා ආරම්භ කල Daily News පුවත්පතේ 31 වෙනි ප්‍රධාන කතෘවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේසර අබේවර්ධන (45) මහතා 2024 ජනවාරි 01වන දා වැඩ භාරගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ජනප්‍රියතම ඉංග්‍රීසි පුවත්පත වන Daily News පුවත්පතයි.

Daily Mirror දිනපතා පුවත්පතේ ප්‍රධාන කතෘවරයා වශයෙන් 2023 මැයි දක්වා කේසර මහතා කටයුතු කළේය.

Daily News පුවත්පතේ ප්‍රධාන කතෘ වශයෙන් කටයුතු කළ ජයන්ත ශ්‍රී නිශ්ශංක කැනඩාව වෙත පදිංචියට යෑමත් සමඟ එම තනතුර මෙසේ පුරප්පාඩු වී තිබුණි.

කේසර අබේවර්ධන මහතා වෘත්තීය පුවත්පත් කලාවට පිවිසියේ 1998 දී The Island පුවත්පතේ කතෘ මාණ්ඩලිකයකු වශයෙනි.

වසර 1978 දී උපන් කේසර මහතා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙනි.

ඔහු කොළඹ සරසවියේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකු වන අතර සන්නිවේදනය පිළිබඳව විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

The Island පුවත්පතෙන් 1998 දී පුවත්පත් කලාවට පිවිසි කේසර මහතා පසුව Daily Mirror පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ, නියෝජ්‍ය කතෘ සහ වසර 2015 සිට 2023 මැයි දක්වා එහි ප්‍රධාන කතෘ වශයෙන්ද කටයුතු කළේය.

Nation පුවත්පතේ සහකාර ප්‍රවෘත්ති කතෘ වශයෙන්ද කලක් සේවය කල කේසර අබේවර්ධන මහතා දෙදරු පියෙක්ද වේ.

ප්‍රධාන කතෘවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේසර අබේවර්ධන මහතාට LNW අපේ උණුසුම් සුබපැතුම්!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...