*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ටෝකියෝ හි Toyota කොටස් 4% පහත වැටෙයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 02 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Daihatsu යනු Toyota සමාගමෙහි ජපන් මෝටර් රථ නිෂ්පාදකයා වන අතර ,විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Daihatsu මේ වනවිට දේශීය නිෂ්පාදනය නතර කර ඇති බවයි.

එයට හේතුව වන්නේ, Daihatsu සමාගම වසර 30 කට වැඩි කාලයක් තම වාහන සඳහා වූ ආරක්‍ෂිත පරීක්ෂණවල ප්‍රතිඵල ව්‍යාජ ලෙස සකස් කළ බව පිළිගැනීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

කුඩා මගී මෝටර් රථ නිෂ්පාදනය සඳහා වඩාත් ප්‍රසිද්ධ සන්නාමය වන Daihatsu එහි ඔසාකා හි මූලස්ථානය ඇතුළුව අනෙකුත් ජපාන කර්මාන්තශාලා හතරේම නිෂ්පාදනය නතර කර ඇති බවද වාර්තා වේ.

මෙම නිෂ්පාදන නවතා දැමීම අවම වශයෙන් ජනවාරි අග දක්වා පවතිනු ඇති අතර, එය දළ වශයෙන් දේශීය නිෂ්පාදනයේ සේවය කරන සේවකයින් 9,000 කට පමණ බලපානු ඇත.

මේ හේතුවෙන් සමාගමේ අත්තිවාරම බිඳ වැටෙයි නොහොත් “ This Decision has shaken the very foundations of the company” බව Daihatsu හි මව් සමාගම වන Toyota සමාගම සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව Toyota සන්නාමය යටතේ අලෙවි කරන ලද වාහන ඇතුළුව වාහන මාදිලි 64ක් පමණ ආරක්‍ෂිත පරීක්‍ෂණවලට ව්‍යාජත්වය පිළිබඳව ස්වාධීන තෙවන පාර්ශ්ව කමිටුවක් විසින් සාක්ෂි සොයාගෙන ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, Daihatsu සමාගම නිවේදනය කර ඇත්තේ සියලුම දේශීය සහ ජාත්‍යන්තර වාහන නැව්ගත කිරීම් තාවකාලිකව අත්හිටුවන බවත් ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව බලධාරීන් සමග මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවත්ය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, මේ ප්‍රවෘත්තිය හුවමාරු වීමත් සමග මේ වනවිටත් ටෝකියෝ හි Toyota කොටස් 4% පහත වැටී ඇති බවයි .

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan