අනතුරට පත් අලියා ආබාධිතයි..

Date:

සටහන – තිසර සමල්

ජනවාරි 02,
අනුරාධපුර (LNW):මහඉලුප්පල්ලමදී බසයේ ගැටුණු වන අලියා ආබාධයට ලක් වෙලා..තවමත් නිසි ප්‍රථිකාර ලැබී නැතැයි ප්‍රදේශවාසීන් පවසති.

පසුගිය 23 වැනි දින අලුයම වන අලියකු ගැටීමෙන් බස් රථයක් මහඉලුප්පල්ලමදී අනතුරට ලක් විය.

එම අනතුරින් බස් රථයට දැඩි අලාභ හානී සිදු වූ අතර බස් රථයේ කොන්දොස්තර මහතා, රියදුරු ඇතුළුව මගීන් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

අනතුරට ලක් වූ වන අලියා පිළිබද හෝඩුවාවක් නොවූ අතර, වන ජීවී නිළධාරීන්ද පැමිණ අනතුරට පත් වන අලියා පිළිබද සොයා බැලූ අතර ⁣වන අලියා සොයා ගත නොහැකි වී ඇත.

පසුව ප්‍රදේශවාසීයකුගේ කැමරාවට මෙම වන අලියා හසුවී ඇති අත⁣ර, වන අලියාගේ ඉදිරි පාදය අබාධයට ලක්ව ඇතැයි ඔහු පැවසීය.

අනතුරින් තුවාල ලැබූ වන අලියා වන අලි රංචුවක් සමග මහඉලුප්පල්ලම ප්‍රදේශයේ සැරි සරන බවත් ඔහුට කඩිනමින් ප්‍රථිකාර කරන ලෙසත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...