ජනපති අනුරගේ ක්ලීන් ශ්‍රී ලංකාවෙන් දළ ජාතික සිනා දර්ශකයක් – සන්ධ්‍යා සල්ගාදු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ දළ ජාතික සිනා දර්ශකයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකා සන්ධ්‍යා සල්ගාදු මහත්මිය පවසයි.

“අපි බලාපොරොත්තු වෙනවා Gross Smile Index එකක් ලංකාවේ හදන්න. මොකද අපේ හිනාව ලෝකෙම ප්‍රකටයි. අපි භූතානයේ ගත්තොත් ඒගොල්ලොන්ගෙ තියෙනවා happiness index එකක්. අපි හිතුවා ඇයි අපට බැරි ස්මයිල් ඉන්ඩෙක්ස් එකක් හදන්න කියලා. දැන් අපි ඒකටත් වැඩ කරගෙන යනවා. ඒකට අවශ්‍ය යම් යම් නියාමකයින් බලනවා කොහොමද ඒක කරන්නෙ කියලා. අපට පිටරටවල්වලින් උදව් හම්බවෙනවා, අපි යම් යම් ටෙක්නිකල් ඇඩ්වයිස් ගන්නවා. අපට එතෙන්ට යන්න අවශ්‍යයයි. මං හිතන්නෙ ජනාධිපතිතුමා සහ ලේකම්වරුන් ගොඩක් දෙනෙක්ව හම්බවෙලා තියෙනවා, ඉතින් ඒගොල්ලන්ගෙ දැනට අපට පේනවා උද්‍යෝගයක්. ඉතින් ක්‍රියාවට නංවලා බලන්න ඕනෙ මොනවගේ චැලේන්ජස්ද ඒගොල්ලන්ට තියෙන්නෙ කියලා. මං හිතන්නෙ මෙතන අර පොලිටිකල් විල් එක තියෙනවානෙ, අන්න ඒක තමයි වැදගත්”

සන්ධ්‍යා සල්ගාදු මහත්මිය මේ බව පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා සිරස රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...

රසාරාගෙන් තවත් ජාතික වාර්තාවක්

නිශ්මං රණසිංහ ජූලි 27, කොළඹ LNW: ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා...

ගුවන් යානයක හදිසි ගින්නක්!

රෂිකා හෙන්නායක ජූලි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගොඩබෑමේ පද්ධතියේ...