සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 03 ,(LNW)කොළඹ :
ආසියානු අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට බංගලාදේශ 19 න් පහළ ක්‍රීඩිකාවන් වෙතින් පරාජය වැළඳ ගන්නට සිඳු විය.එහි වාඩුව ගන්නට ශ්‍රී ලංකා තරුණියන්ට අවස්ථාවක් උදා කර දෙමින්, අවුරුදු 19 න් පහළ බංගලාදේශ කාන්තා කණ්ඩායම විස්සයි විස්ස තරග හතරක් සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ජනවාරි 3,5,යන දිනවල පැවත්වෙන තරග පැවත්වෙන්නේ කොළඹ තර්ස්ටන් පිටියේදී ය.ජනවාරි 7 වන දින තෙවන තරගය මග්ගොන සරේ විලේජ් හී දී පැවත්වීමට නියමිතය.ජනවාරි 9 වන දින පැවත්වෙන තරගය කොළඹ බීආර්සී පිටියේදී පැවත් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි මනුදි නානායක්කාර මෙහෙයවන අතර උප නායකත්වය දරන්නේ රශ්මිකා සෙව්වන්දිය.මෙම තරගාවලියේදී ආසියානු තරගාවලියේ දී පිතිකාරිණියක ලෙස වැඩි දායකත්වයක් කණ්ඩායමට ලබා ගැනීමට නොහැකි වූ රශ්මිකාට පිතිකරු නාමාවලියේ ඉහළ අංකයක් ලබා දීම වැදගත් වනු ඇත.මෑත කාලයේ තරුණ ක්‍රීඩිකාවන් අතර කැපී පෙණෙන තුන් ඉරියව් ක්‍රීඩිකාව වන රශ්මිකා මදවේග පන්දු යවන්නියක් ලෙස ද,ප්‍රහාරාත්මක පිතිකාරීනියක ලෙස ද ජාතික කණ්ඩායමේ පිවිසුම් දොරටුව අසළම සිටින්නියකි.
පහත දැක්වෙන්නේ මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තේාරා ගැනීම සඳහා නම් කර තිබෙන 15 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණය සහ ඔවුන් ජාතික තරුණ කණ්ඩායමට සම්බන්ධ වන්නේ කුමන පාසලක් හරහා ද යන්න පැහැදිළි කරන ලේඛණයකි.
මනුදි නානායක්කාර, කැප්ටන් වේල්ස් කුමරිය, මොරටුව
රශ්මිකා සෙව්වන්දි, උප නායක අනුර විද්‍යාලය, මාතර
විමෝක්ෂ බාලසූරිය සිංහල ම.වි., ත්‍රිකුණාමලය
හිරුණි හංසිකා දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
සුමුදු නිසංසලා දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
දහමි සනුත්මා අනුලා විද්‍යාලය, නුගේගොඩ
රශ්මි නේත්‍රාංජලී දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
සෂිනි ගිම්හානි දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
අශේනි තලගුණේ මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර
ප්‍රමුදි මෙත්සර උහන මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර
චමෝදි ප්‍රබෝදා පඤ්ඤානන්ද ම.වි. මොණරාගල
සංජන කාවින්දි දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
දනුලි තෙන්නකෝන් මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල
ලිමංසා තිලකරත්න
ෂෙහාරා ඉඳුවරි දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
මේ සමඟ දක්වා ඇත්තේ තරගාවලියට සහභාගිවන බංගලාදේශ කණ්ඩායම පෙනි සිටින සමූහ ඡායාරූපයක් වන අතර ඔවුන් ද මෙම තරගාවලියට එකතු වන්නේ අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර පෙරහුරු තරගාවලියක් සඳහාය.ඒ නිසා ඔවුන් ද මෙම තරගාවලියේදී සිය උපරිමය විදහා දැක්වීමට උත්සාහ කරන බැවින්,දෙපිළ අතර පැවත්වෙන තරගාවලිය තියුණු තරගාවලියක් වීමට ඉඩ ඇත.