හිටපු ඇමති මනූෂගේ සහෝදරයාට එරෙහි පැමිණිලි තවත් ඉහළට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයකු වන තිසර නානායක්කාරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එම පැමිණිලිවලට අනුව පමණක් තිසර නානායක්කාර විසින් සිදුකර ඇතැයි කියන මූල්‍ය වංචාවල ප්‍රමාණය රුපියල් 57,500,000 ක් බව සඳහන්.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා මෙසේ ඔහු මුදල් ලබාගෙන ඇති බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

ෆින්ලන්තයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 3ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව තිසර නානායක්කාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් 28 වනදා අත් අඩංගුවට ගැනුණු අතර මේ වනවිට ඔහු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

හිටපු ඇමති මනූෂ නානායක්කාර මේ වනවිට සිය පවුල සමග විදේශගතව ඇති බවත් වාර්තා වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...