බැසිල්ගේ අයථා වත්කම් ගැන කියන්න විමල් FCID එයි!

Date:

කොළඹ LNW:බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරය දරන සමයේ සිදුකරන ලද අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අද (03) මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) පැමිණියේය.

2022 වසරේදී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් අතරතුරදී විමල් වීරවංශ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන ලද අතර අද ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ එම කාරණය සම්බන්ධයෙනි.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ රැකියාවක් නොකරන ලද අතර එවකට රැකියාව කළේ ලංකාව තුළ වන හෙයින් ඇමරිකාවේ දේපොළ තිබිය යුත්තේ ලංකාවේ රැකියාවෙන් උපයාගත් මුදල්වලින් බවට වීරවංශ මහතා චෝදනා කර සිටියේය.

ඒ අනුව බැසිල් රාජපක්ෂගේ අයථා වත්කම් ගැන තමන් සතු ලිඛිත සාක්ෂි සියල්ල මූල්‍ය අපරාධ කොට්ඨාසයට භාරදුන් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුවට හොරු ඇල්ලීමේ ඇත්ත වුවමනාවක් ඇත්නම් වැඩකට නැති හාල් මැස්සන් පසුපස නොගොස් නියම හොරු ඇල්ලිය හැකි බවයි හිටපු ඇමතිවරයා පැවසුවේ.

බැසිල් රාජපක්ෂ සතු ඇමරිකාවේ දේපොළ පිළිබඳ නිවැරදි සොයා බැලීමක් කළ හොත් හොරු කවුද යන්න රටටම ඔප්පුකර පෙන්විය හැකි බවයි වීරවංශ මහතා තවදුරටත් සඳහන් කළේ.

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතාද නීතිඥවරයෙකු වශයෙන් අද විමල් වීරවංශ මහතා සමඟ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පමිණ සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...