චීනයේ BYD අලෙවිය ඉහළට: ටෙස්ලා සමාගම පසුබසියි!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වැඩිවන තරඟකාරිත්වය සහ විද්‍යුත් වාහන සඳහා වූ මන්දගාමී ඉල්ලුම විකුණුම් පහත වැටීමකට තුඩුදුන් බව පෙන්වා දෙමින් ටෙස්ලා සමාගම සිය ඉතිහාසයේ පළමු වාර්ෂික විකුණුම් පහත වැටීම පිළිබඳව ඊයේ (02) වාර්තා කළේය.

ටෙස්ලා අලෙවියට වඩා ප්‍රතිවාදී චීනයේ BYD අලෙවිය ඉදිරියෙන් ඇති බවත්, ටෙස්ලා හි පූර්ණ වාර්ෂික අලෙවිය හමුවේ BYD හි වාර්ෂික EV එකතුව 24,000කින් ඉහළ ගොස්, ‘ලොව විශාලතම EV නිෂ්පාදකයා’ යන නාමය රඳවාගෙන ඇති බවත්, විදෙස් වාර්තා සඳහන් කරයි.

2023 වසරට සාපේක්ෂව, ටෙස්ලා හි 2024 වසරේ විකුණුම්, එහි මුළු ආදායමට වඩා 1% කින් පහත වැටී බවත් සඳහන් වන අතර, සමාගම එවැනි පහත වැටීමක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂයෙන් සඳහන් වේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මස්ක්ගේ ටෙස්ලා සමාගමට BYD වැනි චීන ප්‍රතිවාදීන්ගෙන් පමණක් නොව General Motors, Ford, Volkswagen AG සහ කොරියානු හවුල්කරුවන් වන Hyundai සහ Kia වැනි පැරණි ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින් හමුවේද දැඩි තරඟයක නියැලීමට සිදුව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...