හිටපු ඇමති මනූෂ රට පැන්න කතාව බොරුවක් !

Date:

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සිය දරු පවුලත් සමග රටින් පළාගොස් ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාල තුළ පසුගිය දින කිහිපයෙහි පුවත් සංසරණය වී තිබිණි.

ඒ පුවත් සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍යය බව හිටපු අමාත්‍යාවරයාට සමීප ආරංචිමාර්ග පවසයි.

මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා සාමාන්‍ය පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගතව සිට ඇති අතර ඔහු සිය පවුලේ සාමාජිකයින්ද සමග ස්විට්සර්ලන්තය, ප්‍රංශය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකම සංචාරය කර ඇති බවත් පෙර සැලසුම් කරගත් පරිදිම ඔහු ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

එසේම තමන්ට එල්ල වන චෝදනා සියල්ලම මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍ය තනතුරේ සිටියදී තමන් ඒ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව සිදුකර ඇතැයි ඔහු පවසන බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්!.

කොළඹ LNW:ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද (31)...

STF වැටලීමකදීයි කොටු වූ ලොකු පැටීගේ ගෝලයා!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : පොලිස් විශේෂ කාර්ය...

ද්වි-රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමට එක්වෙන්න චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:‘පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක...

මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයේදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ ජනපති…

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW: ඊයේ (30) පස්වරුවේ ,...