රජය සහල් හිඟය අවසන් කරන්න සූදානමින්! මිලදී ගැනීමේ යාන්ත්‍රණයත් සූදානම්!

කොළඹ LNW:රට තුළ වරින් වර මතුවන සහල් හිඟය අවසන් අකර සහල් මිල පාලනය කරමින් ගොවියාට සහතික මිලක් ලබාදීම වෙනුවෙන් මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේය.

අනුරාධපුර ඔයා මඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳව සොයා ලැබීම සඳහා සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ වී නිෂ්පාදනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් මහ මෝල් හිමියන් විසින් මිලදී ගන්නා අතර ඉතිරි නිෂ්පාදන සුළු හා මාධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විසින් මිලදී ගන්නා බවත් වෙළෙඳපොළ තුළ පවතින අසමානතාව අවම කිරීම සඳහා රජයද වී මිලදී ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පසුගියදා ඇති වූ සහල හිඟයට පිළියමක් ලෙස පසුගිය 31 වැනිදා වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 86,000ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබුණි. මේ අතරේම ආනයන සීමාව එළඹෙන 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර එම දිනයෙන් පසු ආනයන කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බවද අමාත්‍යවරයා කියාසිටියේය.

කෙසේවෙතත් සහල් වෙළෙඳපොළ මාෆියාව පරාජය කිරීමට රජය මැදිහත් වන බව පසුගිය දිනවලදී ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...