වැඩ නොකළා නම් මාරු කරන්න ඕනෙ, රාජ්‍ය බලය අවභාවිතා කළා නම් ඇමතිකම් නොදී ඉන්න ඕනෙ – බන්දුල

Date:

කැබිනට් මණ්ඩලයේ පමණක් නොව රාජ්‍ය ආයතන සහ සංවිධානවල පවා තනතුරු වෙනසක් සිදුවිය යුතුය යන්න තමන්ගේ මතය බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“තමන්ට පවරා දෙනු ලබන වගකීම නිසි ලෙස ඉෂ්ට කරන්නට බැරිවුණා නම් මට, මගේ අමාත්‍ය ධුරය මාරු වෙන්නට ඕනෙ. වැරදි සහගත ලෙස රාජ්‍ය බලය හසුරුවලා තියෙනවා නම් අමාත්‍ය ධුරයක් නොදී ඉන්න ඕනෙ. අවශ්‍යයෙන්ම කැබිනට් මණ්ඩලය තුළ පමණක් නෙවෙයි රජයේ ආයතන සංවිධානවලත් වෙනස්වීම් සිදුවිය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නෙ.

අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමේ පූර්ණ බලය තියෙන්නෙ අතිගරු ජනාධිපතිතුමාට නෙ. ඒක කාටවත් ඉල්ලීම් කරන්නත් මොකුත් බෑ, ජනාධිපතිතුමා විසින් ඒ තීරණය විචක්ෂණශීලීව ලෙස ගනියි කියලා අපි විශ්වාස කරනවා”

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...