ඩොලර් ප්‍රශ්නය විසඳනවා නම් අපි සති දෙකෙන් ගෑස් ප්‍රශ්නය විසඳනවා – වෑගපිටිය මාළු බායි (VIDEO)

Date:

ලංකාවටම ගෑස් බෙදාහැරීමේ යටිතල පහසුකම් ලාෆ් ගෑස් සමාගම සතුව පවතින හෙයින් දැනට පවතින ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දී නියමිත පරිදි ණයවර ලිපි විවෘත කර දිය හැකි නම් සති දෙකක් ඇතුළත ලංකාවටම අවශ්‍ය ගෑස් සපයා දිය හැකි බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

දැනට පවතින ගෑස් හිඟයට ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ඩොලර් හිඟය නිසා වාණිජ බැංකු විසින් ණයවර ලිපි අවශ්‍ය පරිදි විවෘත නොකිරීම බවයි වාගපිටියමහත සඳහන් කළේ.

එමෙන්ම මීට ඉහතදී දෛනිකව ගෑස් සිලින්ඩර 40,000ක් 50,000ක් නිකුත් කළ නමුත් අධිකරණයේ, ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික අධිකාරියේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ගෑස් පිරවීමේදී හා බෙදා හැරීමේදී යම් අඩුවක් සිදුවන බවත් ඒ අනුව මේ වන විට දෛනිකව සිලින්ඩර 10,000ක් 15,000 ක් බෙදාහරින බවද වෑගපිටිය මහතා කියා සිටියේය.

ගෑස් මිලදී ගැනීමේදී මේ වන විට ජනතාව මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය ගැන මීට ඉහතදීම බලධාරීන්ට පවසා සිටි අතර ලෝක වෙළෙඳපොලේ මිල ගණන් ඉහළ යන විට දේශීය මිල ගණන්ද මිල සූත්‍රයට අනුව ඉහළ දැමීමට ඉඩ දෙන ලෙස පසුගිය වසරේ මාර්තු මස සිට පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියද එයට අවස්ථාවක් නොලැබුණු බවත් මිල වැඩිකරන්නේ වසර එකහමාරකට පමණ පසුව වන අතර එවිට සමාගම් වල පිරිවැය ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මං හිතන්නෙ එතුමාට උසාවි යන්න නම් බැරිවෙයි – රනිල් බලන්න ගිය මරික්කාර් කියපු කතාව

සටහන - රුවන් නෙළුගොල්ල රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය අනුව...

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමට ආධාර අනුබල දීමේ චෝදනාවක්...

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...