ශ්‍රී ලංකාව බංකොලොත්වීම ආසන්නයේ – ද ගාඩියන් වාර්තා කරයි

Date:

බඩු මිල ඉහළ යාම ඇතුළු අර්බුද හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත්, ඒ නිසා සෑම ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් හැකි ඉක්මනින් රට අතහැර විදෙස්ගත වීමට සූදානමින් සිටින බවත් බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල රොකට්ටුවක් මෙන් අධිවේගයෙන් ඉහළ යමින් තිබෙන බව පවසන එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ දිනෙන් දිනම උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යමින් තිබෙන බවයි. නොවැම්බර් මාසයේදී 17.5% ක් ලෙස පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසය අවසාන වනවිට 22.1% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලෝක බැංකුවේ ඇස්තමේන්තුවලට අනුව කොවිඩ් වසංගත ආරම්භයේ සිට මේ දක්වා ලක්ෂ 05 කට වැඩි ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවෙන් පහතට වැටී තිබේ. රටේ ජීවත් වන පවුල්වලින් බහුරතයක් උපයන ආදායමෙන් සිය මූලික අවශ්‍යතා පවා පිරිමසා ගත නොහැකි තත්වයට පත්ව ඇති අතර ණය වාරික, ලීසිං වාරික ගෙවා ගැනීමේ දැවැන්ත අභියෝගයකට ඔවුන් මුහුණ දී සිටින බවද ගාඩියන් වාර්තා කරනවා.

තවත් පැත්තකින් ලබාගෙන ඇති විදේශ ණය පියවීම අර්බුදයට ගොස් ඇති අතර ණය පියවීම සඳහා නැවත ණය ලබා ගැනීමට සිදුව තිබේ. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විශාලම අර්බුදය වන්නේ චීනයෙන් ලබාගෙන ඇති දැවැන්ත ණය කන්ද පියවීම බවත්, මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 05 කට අධික ණය මුදලක් චීනයට පියවීමට තිබෙන බවත් ගාඩියන් වැඩිදුරටත් වාර්තා කරනවා.

ඉදිරි වසරක කාලය තුළ ගෙවීමට ඇති සමස්ත ණය වාරික ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.3 කි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට පවා නොහැකි තත්වයක් තුළ ණය ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීම රාජපක්ෂ පාලනය මුහුණ දෙන දැවැන්ත අර්බුදයක් බවත් ඊට ඇති එකම විසඳුම නැවත ණය ලබා ගැනීම බවත් අදාල වාර්තාවේ සඳහන් වේ.

උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම, විදේශ සංචිත සිඳී යාම ඇතුළු අර්බුද හමුවේ 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බවද ගාඩියන් වාර්තා කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...