සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් පොත ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW :

2026.01.01 වන දින හිඟ මුදල් සමග මාසික විශ්‍රාම වැටුපක් ජිවිතාන්තය දක්වා ලබා ගැනීමට අදාළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් පොත ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ,කොළඹ දිස්ත්‍රික් ලේකම් හා ස්වදේශ කටයුතු අතිරේක ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) කාංචනා ගුණවර්ධන මහත්මිය,කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) නදීකා කෞශල්‍යා කුමාරි මහත්මිය,එදින රාජකාරි අරඹන ලද නව සහකාර දිස්ත්‍රික් ලේකම් එන්.ශේෂාදරී පතිරණ මහත්මිය,බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී ඩි.එම්.එස්.කේ.කේ.දසනායක සහ කොළඹ දිස්ත්‍රික් භාර සම්බන්ධිකරණ නිලධාරී ඉසුරි පෙරේරා මෙය සහභාගී විය.

මීට සමගාමීව කොළඹ, දෙහිවල, මහරගම, පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාල විසින් ද අභිනව වසරේ ප්‍රථම සමාජ ආරක්‍ෂණ බදවාගැනීමට ආදාළ සාමාජිකත්වය ලබාදීම සහ වාරික මුදල් ගෙවීම් පොත් හා කුවිතාන්සි ප්‍රදානය ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් සිදු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවතින වියළි කාලගුණික තත්වයේ වෙනසක්

ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ...

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...