මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට ප්‍රභල භුමිකම්පනයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට ප්‍රභල භුමිකම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, අදාළ භූමිකම්පාව රික්ටර් මාපකයේ 6.5 ක් ලෙස සටහන්ව ඇති බවයි.

භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද වාර්තා වේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ එරට ප්‍රධාන වරායක් සහ වෙරළ නිවාඩු නිකේතනයක් වන ඇකපුල්කෝ අසල භූමිකම්පාව සිදු වූ බවයි.

ඒ හේතුවෙන් ඇකපුල්කෝ අවට සහ ප්‍රාන්තයේ අනෙකුත් මහාමාර්ගවල නායයෑම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. භූමිකම්පාව හේතුවෙන් නිවාස 50 ක් පමණ විනාශ වී ඇති බවත් ඇතැම් නිවාස ඉරිතැලීමට ලක්ව ඇති බවත් සඳහන් වේ.

ගුවෙරේරෝ අගනුවර වන චිල්පන්සිංගෝහි රෝහලකට භූමිකම්පාවෙන් විශාල හානි සිදුවී තිබෙන අතර , මේ හේතුවෙන් අදාළ රෝහලෙන් රෝගීන් ඉවත්කර ගැනීමට කටයුතු කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...