ආබාධවලට උත්තර හැටියට ලංකාවට එංගලන්තයෙන් ක්ලාක් කෙනෙක්

Date:

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් පසුගිය ලෝක සූරතාවලියේදි නිතර ආබාධවලට ගොඳුරු වන අයුරු දකින්නට හැකි විය.ඒ සමහර ආබාධිතයින්ට තිබූ වෙනත් ආබාධ නිසා රටම ආබාධ වන අන්දමේ හැසිරිම් ද ආබාධිත තත්ත්වයට පත් වෙනු දකින්නට ද ලැබිණ.
මේ ආකාරයටම ඉන්දියාව ද ආබාධවලට ගොඳුරුවීම් වැඩි වන තත්ත්වයට පත්ව ඇති නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ සිඳු කර නිතර ක්‍රිකට් ක්‍රීඩාව වැඩි බවත්,අයිපීඑල් ද ඊට හේතුවක් බවත් තීරණය කර ඇත.ඉදිරි ලෝක කුසලානය සඳහා විස්සක සංචිතයක් ඒ ආකාරයට වඩා මහන්සි නොගන්වා සංචිත ගත කර තබන්නට මෙන්ම නිරන්තරයෙන් ශාරිරික යෝග්‍යතාවය ගැන පරීක්ෂණ ද,තවත් විද්‍යාත්මකව සිඳු කරන ස්කෑන් පරීක්ෂණ ආදියද හඳුන්වා දෙන්නට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව ද මේ වන විට භෞත චිකිත්සාව පිළිබඳ ඉහළ දැණුමක් සහිත සුදුසුකම් ඇති එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කැඳවා ඇත.ඔහු නව තනතුරත් සමඟ මේ වන විට ඉන්දීය සංචාරයට එක් වි ඇත.2023 ජනවාරි පළමු දින සිය තනතුරේ වැඩ අරඹන ක්‍රිස්ට නව වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව කායික ආබාධවලින් තොරව තබන්නට ශක්තිය හා දිරිය ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...