*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ලොව සොඳුරුම ගම – ඔලිම්පික් ගම

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලෝකයේ සියල්ලන් සමාන බව තහවුරු කරනන වෙර දරන,බෙදී වෙන්වීමේ දේශපාලන බල ව්‍යාපෘති විසින් අවුල් කර තිබෙන ලෝකයට සුන්දර පණිවිඩයක් එකතු කරන දේශපාලනික පණිවිඩයකින් පොහොසත් ඔලිම්පික් ක්‍රියාකාරීත්වයේ වචන අභිබවා යන අපූරු තැනක් බවට පත් කරන ඔලිම්පික් ගම්මානයට ඔලිම්පික් ක්‍රිඩා අළෙලේදි හිමිවන්නේ විශේෂ තැනකි.

මහද්වීප පහම නියෝජනය කරන, සමහර විට දේශපාලනය විසින් බෙදා වෙන් කර තිබෙන පසමිතුරන් එකම පොළවක් මතට ගෙනවිත් එකට කා – බී විනෝද වන්නට අත්දැකීම් හුවමාරු කර ගන්නට ඇති කරන නිදහසේ සහ සාමයේ මණ්ඩපයක් බවට ඔලිම්පික් ක්‍රීඩා උළෙල පත් කරන තැන බවට පත්වන්නේ ඔලිම්පික් ගම්මානයය.”අපි එකයි” යන දැණුම ක්‍රීඩක හදවත්වලට දනවන,මිත්‍යාවේ සළු පිළි ඉරා දමන මේ ගම්මානය තුළින් ඒ පණීවිඩය ලෝකයට කියන්න හැකිනම් ලෝකයේ සහ නියෝජිත රටවල් ගත්තද ඒ රටවල්වල ජනාදරයට පත් අපූරු මානව ශක්තින් හරහා ඒ ප්‍රතිශය කළ හැකිනම් මිනිසුන් එක් වරක් හෝ තමන්ගේ අනෙකා කෙරෙහි වන ද්වේශය සහ වෛරය වෙනුවට අනෙකාට ආදර්‍ය කිරීමේ සහ කරුණාව දැක්වීමේ පාඩම උගනිනු ඇත.
උදාහරණයකට ගත් විට භූමිය වෙනුවෙන් දේශපාලනය විසින් ඇති කරන ලද යුද්ධයක තමන් පැටලී සිටින බව යුක්රේනියානුවන් ද,රුසියානුවන් ද පැරිස් ඔලිම්පික් ගම්මානයේදි ඉගෙනගනු ඇත.පලස්තීනය සහ ඊශ්‍රායලය ගත් විටද තත්ත්වය එබඳුය.රටක් දේශපාලන තීරණයක් මත උළෙල වර්ජනය කළහොත් එම වර්ජනය දේශපාලන බලය වෙනුවෙන්ම මිස ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා නොවනු ඇති බව ලෝකය ඔලිම්පික් ගම්මාන ආකෘතිය ඇතුළෙන් කියවා ගන්නේනම් එය රටට වැදගත් වනු ඇත.

තමන්ව කොයි මොහොතක හෝ ඝාතනය කරනු ඇතැයි සිතන රටක පුරවැසියෙක් සමඟ එකට හිඳ පාතරාසය වළදද්දි දැනෙන රසය ඉක්මවා ගිය මානසික වින්දනයක් තමන්ගේ මනස තුඵ ඇති වී තිබෙන අවිශ්වාසයේ සළුපට ලිහී යාමෙන් දැනෙනු ඇත.”ඇයි අපි මරාගන්නෙ” කියන ප්‍රශ්නය අභ්‍යන්තරයේ තැන්පත් කරන විශ්වාසය සහ ආදරය ඇති කරන කෑම මේස වලින් පිරුණු අවන්හලකින් පොහොසත් ඔලිම්පික් ගම්මානයේ කෑම මේසයක රස මසුවල් ඉක්මවා ගිය ප්‍රේමණීය හැඟීම් අනන්තවාරයක් සිත් තුළ උපද්දනවා ඇත.යුද්ධය,ගැටුම්,අවිශ්වාසය,නොපිළිගන්නා අනෙකාගේ අනන්‍යතාවය වැනි කරුණු වෙනුවට අපි සමානය කියා ඇති කරන හැඟීම ඔලිම්පික් ගම්මානයේ ලී දඩු-යකඩ වැනි නිශ්චල ද්‍රව්‍ය අතරේ ක්‍රියාපදයක් සේ රඳවන්නට හැකිවීමම අපූරු නැද්ද?
රන් ද,රිදී ද,ලෝකඩ ද නොවන පදක්කම් රහිත හෘදයාංගම ජයග්‍රහණ බොහොමයක් ආදරය,සාමය සම්බන්ධයෙන් රැඟෙක ලෝකයට යන දූතයන් වන්නට ඔලිම්පික් ගම්මානය විසින් ඇති කරන හැඟීම වැදගත් වනු නිසැකය.යළිත් තමන්ගේ ස්ථීර පොළවේ දේශපාලනය තුළ මිහිදන් නොවී ජීවත්විය හැකි සහ යථාර්තය ජීවත් කරන හැඟීමක් සමඟ ලෝකයට වඩාත් ජයග්‍රාහී මිනිසෙක් වන්නට ඒ ක්‍රියාකාරී ශරීරවලට හැකිනම් ඔලිම්පික් ගම්මානයේ හැඩය ලෝකය තුළ ද ස්ථාපිත කිරීම අපහසු නොවනු ඇත.

පැරිස් නුවර Saint-Denis, Ile Saint-Denis සහ Saint-Ouen යන පරිපාලන ප්‍රදේශ සම්බන්ධ කරමින් පරරිස් නගරයෙන් කිලෝ මීටර් 7 ක ට නුදුරින් හරිතාගාර ලක්ෂණ සහිත හැඩකාර ගං දියක දිදිල සෙවන ලැබෙන පරිදි ඉදිවි ඇති ඔලිම්පික් ගම්මානය පිටත පෙණුම මෙන්ම මිනිසුන්ගේ ඇතුළත ද සොඳුරු කරන ව්‍යායාමයකි.ලෝකයේ සමානත්මතාවය සම්බන්ධයෙන් මේ වර්ණයෙන්,ජාතිකත්වයේ වෙනසෙන්,ආගමික වෙනස්කම්වලින්,ලිංගිකත්වයේ වෙනස්කම්වලින් තොරව සියල්ල මිනිසුන් ලෙස පිළිගන්නා ඔලිමිපික් සංස්කෘතියේ එය ප්‍රබලවම බද්ධ වි ඇති තැනක් වන ඔලිම්පික් ගම්මානය ලෝකය ඉදි විය යුතු සොඳුරුම හැඩය ගැන පරමාදර්ශී ගම්මානයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan