*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

පවුල් පිටින් සියදිවි නසා ගන්නා තත්ත්වයකට රට පත්වෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

වර්තමාන ජන සමාජයේ දැවැන්ත ඛේදවාචකයක් සිදුවෙමින් පවතින බවත් දූදරුවන්ට හරියාකාරව කන්න දෙන්න බැරි නිසා, ගෘහයේ අවශ්‍යතා සපුරා ගන්න බැරි නිසා සියදිවි නසා ගන්නා තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මේ ඛේදවාචකය තවදුරටත් ප්‍රවර්ධනය කරන යුගයක් ඇතිව තිබෙන බවත් නව වසරේම වැට් බදු වැඩි කිරීම නිසා මේ තත්ත්වය වැඩි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගන්නැයි කියා වැට් බදු වැඩි කිරීම සිදු කළත් ආණ්ඩුවේ ආදායම් වැඩි කිරීමට ඇති එකම විකල්පය වැට් බදු වැඩි කිරීම නොව රටෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම බවත් වත්මන් ආණ්ඩුව එසේ සිදු නොකරන්නේ ඔවුන් හොරුන්ගෙන් යැපෙමින් ජනාධිපති, අගමැති තනතුරු ආදිය ලබා ගත් නිසා බවත් එම නිසා හොරුන් අල්ලනවා වෙනුවට හොරුන් ආරක්ෂා කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හියුමන් ඉමියුනෝ ග්ලොබෙින් බෙහෙත් වංචාවේදී සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ එය පරාජය කිරීමට මන්ත්‍රීවරු 113ක් කටයුතු කළ බවත් ඔවුන් ද මේ රට බංකොලොත් කිරීමට තුඩුදුන් හොරු පිරිසක් බවත් ඔවුන් හොරා කන ලද සම්පත් නැවත අප රටට ලබා ගැනීමට හැකියාවක් පවතී නම් මෙසේ බදු වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේ ම මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සක්වල සහ හුස්ම වැඩසටහන් සිදු කරන්නේ දේශපාලන පොරොන්දු ලෙස නොවන බවත් මෙවැනි වැඩසටහන් නොකර ආණ්ඩුවට බනිමින් සිටීමට විපක්ෂයට හැකියාව පැවැතියත් එසේ නොකර ජනතාව වෙනුවෙන් ප්‍රායෝගික සංවර්ධනයක් තුළින් තම හැකියාව ඔප්පු කිරිමට සමගි ජන බලවේගය කටයුතු කර ඇති බවත් ය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 59 වැනි අදියර යටතේ ගම්පහ බුත්පිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 59ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 562ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan