සටහන – නදීක දයා බණ්ඩාර
ජනවාරි 02, මහනුවර (LNW):
පවතින ආපදා තත්ත්වය හමුවේ උසස් පෙළ විභාග අපේක්ෂකයන් සඳහා
බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් සම්පාදනය කරන බව මධ්‍යම පළාත්
ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර හා උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ
වලපනේ, මාතලේ දිස්ත්‍රික්කයේ රිවස්ටන් යන ප්‍රදේශවලට බලපා ඇති අයහපත්
තත්ත්වය හේතුවෙන් පාසල් දරු දැරියන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා
ප්‍රවාහන පහසුකම් ලබාදීමට තීරණය කළ බව ඒ මහතා පැවසීය.
ආපදා තත්ත්වය මත උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට හෙට සිට විභාගය
නිමවනතුරු ප්‍රවාහන පහසුකම් සැපයීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (03)
ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
පොදු ප්‍රවාහන සේවා වලට අමතරව වෙනත් විකල්ප ප්‍රවාහන සේවාවන්
යෙදවීමට තීරණය කළ බවත් පළාත් පාලන ආයතන, පොලීසිය, මාර්ග සංවර්ධන
අධිකාරිය, ලංගම හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුලු ආයතන
ගණනාවක සම්බන්ධීකරණය මත මෙම ප්‍රවාහන පහසුකම් සැපයෙන බව ඒ
මහතා කීවේය.
අයහපත් කාලගුණික තත්ත්වයක් පවතින බැවින් විභාග අපේක්ෂක දරු දැරියන්
ප්‍රමාදයකින් තොරව විභාග මධ්‍යස්ථාන කරා යොමු කිරීමට දෙමාපියන් කටයුතු
කරන ලෙස ද ආණ්ඩුකාරවරයා තව දුරටත් එහිදී දැනුම් දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර
දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ටී.බී.එන්.එස්
බුලත්ගේ, ආපදා තත්ත්වයට පත්වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහක ප්‍රාදේශීය
ලේකම්වරු හා පළාත් සභා ලේකම්වරුන් ද ජාතික ආපදා කළමණාකරණ
මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා ඇතුලු
පිරිසක් එක්ව සිටියහ.
