*
Tuesday, January 7, 2025
spot_img

Latest Posts

2024 වසරේ නිල් ගුවන අකැප වූ ගුවන් යානා අනතුරු!

සටහන: පුන්සරා ලියනගේ

2025 ජනවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකාලීනව සුලබව දක්නට ලැබුණු ගුවන් අනතුරු පිළිබඳ කතා කිරීමේදී, මාරාන්තිකම අනතුර සිදු වූයේ දෙසැම්බර් 28 වන දින, ජෙජු එයාර් විසින් ක්‍රියාත්මක කරන ලද බෝයිං 737-800 යානයක් Muan ගුවන් තොටුපළට ගොඩබෑමේදී සිදුවුන සිදුවීමයි. එහිදී යානයේ සිටි පුද්ගලයින් 179 දෙනෙකු මිය ගිය බව දෙස් විදෙස් තතු වලින් දැන ගැනීමට හැකි විය.

2024 වර්ෂය යනු ගෝලීය ගුවන් ගමන් ආරක්ෂාව කෙරෙහි අඳුරු සෙවනැල්ලක් ඇති කරමින් සිය ගණනක් මිනිසුන් මරු තුරුළට යැවූ ගුවන් අනතුරු මාලාවක් රැගත් හරි බියකරු වසරකි. අසර්බයිජානයේ සහ දකුණු කොරියාවේ මාරාන්තික ගුවන් යානා කඩා වැටීම් දෙකක් දෙසැම්බර් මස අග භාගය වන විට සිදු වීමද කම්පා සහගත විය. මෙම නත්තල් සමය මැද මගීන් 220 කට ආසන්න සංඛ්‍යාවක් මෙම අනතුරු හේතුවෙන් මිය ගිය අතර, ගුවන් ගමන් මෙහෙයුම් වල ආරක්ෂාව සහ ගුවන් සමාගම් භාවිතා කරන ප්‍රමිතීන් පිළිබඳ මහා පැනයක් දැන් හැමෝටම මතුව පවතී.

ඉකුත් වසරේ සිදු වූ මාරක ගුවන් අනතුරු කිහිපයක් සාරාංශ ගතව මෙලෙස දැක්විය හැක.

දකුණු කොරියානු ගුවන් අනතුර: 179 දෙනෙක් මරුට!

තායිලන්තයේ බැංකොක් සිට සෝල් බලා පිටත් වූ Jeju එයාර් විසින් මෙහෙයවන ලද Boeing 737-800 ගුවන් යානයක් Muan ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමකට උත්සාහ කිරීමේදී කඩා වැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර එය මෑතකාලීනව සිදු වූ මාරාන්තිකම ගුවන් අනතුර විය. දෙසැම්බර් 28 වැනිදා සිදු වූ මෙම සිදුවීම, එම ගුවන් යානය තාප්පයක ගැටීමත් සමඟ ගොඩ බැස ධාවන පථයේ කෙළවරේ ලිස්සා යාමෙන් මගීන් 175 දෙනා සහ කාර්ය මණ්ඩලයේ හය දෙනාගෙන් හතර දෙනෙකු මෙලෙස අනතුරට භාජනය වී තිබේ.

අසර්බයිජාන් ගුවන් අනතුර : 38 දෙනෙක් මරුට!

Azerbaijan Airlines J2-8243 ජාත්‍යන්තර ගුවන් යානය, Baku සිට රුසියාවේ Grozny වෙත ගමන් කළ අතර, දෙසැම්බර් 25 වන දින කසකස්තානයේ අක්ටාවු නගරය ආසන්නයේදී කඩා වැටී පුද්ගලයන් 38 දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත් විය. යානයේ සිටි 29 දෙනෙකු පමණ අනතුරෙන් දිවි ගලවා ගත් අතර අසර්බයිජානියානු ජනාධිපති ඉල්හාම් අලියෙව් පවසා සිටියේ; රුසියානු වෙඩි තැබීමක් හේතුවෙන් මගී ගුවන් යානයට හානි සිදුවීමෙන් පසුව එය කඩා වැටී ඇති බවයි.

ස්කොට්ලන්තයේ කුඩා ගුවන් යානාවක අනතුර: නියමුවා මරුට!

දෙසැම්බර් 23 වන දින කුඩා ගුවන් යානයක් ස්කොට්ලන්තයේ ෆයිෆ් ගුවන් තොටුපළ අසලදී කඩා වැටී, එහි සිටි 50 හැවිරිදි ගුවන් නියමුවා මිය ගොස් තිබේ.

බ්‍රසීලයේ පෞද්ගලික ගුවන් යානයක අනතුර: 10 දෙනෙක් මරුට!

දෙසැම්බර් 22 වෙනිදා බ්‍රසීලයේ ග්‍රමාඩෝ හි පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටී, ගුවන් යානයේ නියමුවා වූ බ්‍රසීලයේ ව්‍යාපාරික Luiz Claudio Galeazzi, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ Galeazzi පවුලේ තවත් සාමාජිකයින් පස් දෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්විය. වාර්තාවන්ට අනුව ගුවන් යානය කඩා වැටීමත් සමඟ ගොඩනැගිල්ලක චිමිනියක මෙන්ම නිවසක සහ වෙළඳසැලක ද එය වැදී ඇති බව සඳහන්.

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ අනතුර: 5 දෙනෙක් මරුට!

දෙසැම්බර් 22 වැනිදා පැපුවා නිව්ගිනියාවේ තවත් ගුවන් අනතුරක් වාර්තා විය. නෝර්ත් කෝස්ට් ඒවියේෂන් විසින් මෙහෙයවනු ලබන Britten-Norman BN-2B-26 Islander යානයක් Morobe පළාතේ දුරස්ථ ප්‍රදේශයකට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. Wasu ගුවන් තොටුපලේ සිට Lae-Nadzab ගුවන් තොටුපළ දක්වා ගමන් කරමින් සිටි ගුවන් යානයේ සිටි පුද්ගලයින් පස්දෙනාම මෙහිදී මිය ගියහ.

බ්‍රසීලයේ අතුරුදන් වූ ගුවන් යානය: දෙදෙනෙක් මරුට!

දෙසැම්බර් 20 වෙනිදා බ්‍රසීලයේ Porto Velho සිට Manaus දක්වා ගමන් කරමින් තිබූ සාමාන්‍ය Cessna ගුවන් යානයක් මෙලෙස අතුරුදහන් විය. ඉකුත් නත්තල් දිනය දා අතුරුදන් වූ ගුවන් යානයේ ගුවන් නියමුවෙකුගේ සහ මගියෙකුගේ සිරුරු සහ ගුවන් යානයේ සුන්බුන් ඇමසන් වනාන්තරයෙන් සොයා ගන්නා ලදී.

හවායි ගුවන් අනතුර: දෙදෙනෙක් මරුට!

දෙසැම්බර් 17 වෙනිදා, Kamaka Air LLC විසින් මෙහෙයවන ලද Cessna 208B Grand Caravan යානය හවායි හි Honolulu හි Daniel K Inouye ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලදී කඩා වැටී මෙම අනතුර සිදුව තිබේ. එහිදී ගුවන් නියමුවන් දෙදෙනාම මිය ගොස් ඇත.

තායිලන්තයේ ගුවන් අනතුර: 9 දෙනෙක් මරුට!

Suvarnabhumi සිට Trat වෙත ගමන් කරන ලද Cessna Caravan C208B හි TFT209 ගුවන් යානය අගෝස්තු 23 වන දින බැංකොක් නගරයට කිලෝමීටර් 100ක් ගිනිකොන දෙසින් කඩා වැටී යානයේ සිටි පුද්ගලයින් 9 දෙනාම මිය ගොස් තිබේ.

නේපාලයේ ගුවන් අනතුර: 18 දෙනෙක් මරුට!

නේපාලයේ සෞර්‍යා ගුවන් සේවයට අයත් කුඩා මගී ගුවන් යානයක් වන CRJ-200 ගුවන් යානය ජූලි 24 වන දින කත්මණ්දු සිට Pokhara ගුවන් තොටුපළ වෙත ගුවන්ගත වීමේදී කඩා වැටී ගිනි ගැනීමෙන් එහි සිටි පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ඉරාන හෙලිකොප්ටර් අනතුර: 7ක් මරුට!

එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද බෙල් 212 හෙලිකොප්ටරය මැයි 19 වන දින අසර්බයිජාන් දේශසීමාව අසල වර්සෙකාන් ප්‍රදේශයේ කඳුකර ප්‍රදේශයක දී අනතුරට ලක්වී එහි සිටි ඉරාන ජනාධිපති Ebrahim Raisi ද ජීවිතක්ෂයට පත් විය.

කැනඩාවේ ගුවන් ගමන් අනතුර: 6ක් මරුට!

ගෝලීය පතල් කම්කරුවෙකු වන රියෝ ටින්ටෝගේ කම්කරුවන් රැගත් Northwestern Air ගුවන් යානයක් කැනඩාවේ වයඹ ප්‍රදේශයේ Fort Smith අසලදී ජනවාරි 23 වන දින කඩා වැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගියහ. අනතුරින් මගීන් හතර දෙනෙකු සහ වයඹ එයාර් ලීස් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු මිය ගිය අතර එක් මගියෙකු දිවි ගලවා ගෙන තිබේ.

ජපාන ගුවන් අනතුර: 6 දෙනෙක් ජීවිතක්ෂයට!

ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ධාවන පථයේදී ජපන් ගුවන් සේවයේ ගුවන් යානයක් කුඩා වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූයේ ජනවාරි 2 වැනිදාය. එයාර්බස් A350-941 යානයක් වූ JAL යානයේ සිටි 379 දෙනා එම අනතුරින් බේරුණු අතර කුඩා යානයේ සිටි අයවලුන් මෙලෙස අනතුරට භාජනය විය.

නිල් ගුවනට අකැප වූ යානාවන්හි මෙවැනි අනතුරු 2024 මුලු වසර පුරා සිදුවීම ඉතා කණගාටුදායක සිදුවීම් කිහිපයකට වග උත්තර සපයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan