ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපරාධ 34ක් සඳහා දඬුවම් නියම කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව් යෝර්ක්හි දී ඔහුගේ හෂ්-මනි නඩුවට අදාළ අපරාධ 34ක් වෙනුවෙන් එළඹෙන ජනවාරි මස 10 වන දා දඬුවම් නියම කිරීමට නිව් යෝර්ක් විනිසුරු ජුවාන් මර්චන් නියෝග කර තිබේ.

වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ඩොලර් 130,000 (පවුම් 105,000) ගෙවීමක් සම්බන්ධ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් මැයි මාසයේදී වරදකරු විය. 2016 මැතිවරණ ව්‍යාපාරයේ අවසන් දිනවලදී ට්‍රම්ප් සමග සිදුවූ බව කියන ලිංගික හමුවීමක් ගැන නිහඬව සිටීම සඳහා මෙලෙස මුදල් ගෙවූ බව අනාවරණය වුවද ට්‍රම්ප් සියලු වැරදි ප්‍රතික්ෂේප කළ අතර ඒවා සියල්ලම දේශපාලන පළිගැනීම් බවට සඳහන් කරන ලදී.

කෙසේ නමුත්, ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම එක්සත් ජනපදයේ වසර හතරක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි.

ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ ජයග්‍රහණය යොදා ගනිමින් ඔහුට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කිරීමට අවස්ථා කිහිපයකදී උත්සහ කලද විනිසුරුවරයා සඳහන් කර තිබුණේ, 78 හැවිරිදි ට්‍රම්ප් 2029 දී ධවල මන්දිරයෙන් පිටව යන තෙක් දඩුවම් ප්‍රමාද කිරීම හෝ සිරගෙදර කාලය ඇතුළත් නොවන දඬුවමක් සහතික කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි.

පසුගිය ජුලි මාසයේදී, රටේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ජනාධිපතිවරුන් ධූරයේ සිටියදී ගන්නා නිල ක්‍රියාමාර්ග සඳහා අපරාධ නඩු පැවරීමෙන් පුළුල් මුක්තියක් ඇති බව තීන්දු කළේය.

එළඹෙන ජනවාරි මස 20වන දා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත වන අතර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව ඔහු ඇමරිකා ඉතිහාසයේ ප්‍රථම වරට අපරාධ වාර්තාවක් සහිත ජනාධිපතිවරයෙකු ලෙස ධවල මන්දිරයට යාමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...