සටහන: පුන්සරා ලියනගේ
2025 ජනවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූ ජපන් ජාතික කාන්තාවක් වයස අවුරුදු 116 පසු කරමින් සිටියදී ජීවිතයට සමු දී තිබේ.
නමින් ටොමිකෝ ඉටූකා යන මැය Hyogo ප්‍රාන්තයේ අෂියා නගරයේ වැඩිහිටි නිවාසයක සිටියදී මිය ගිය බව නිලධාරීහු පවසති.
ස්පාඤ්ඤයේ Maria Branyas Morera 2024 අගෝස්තු මාසයේදී වයස අවුරුදු 117 පසු කරමින් සිටිය දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඉටූකා ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්විය.
ඉටුකා මහත්මිය ඇයගේ දිගු ජීවිතය තුළින් අපට ධෛර්යය සහ බලාපොරොත්තුවන් ලබා දුන් බව” අෂියා හි නගරාධිපති රියෝසුකේ ටකාෂිමා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.