විකෘතිතා 46 කින් සමන්විත, එන්නත්වලටත් මට්ටු නොවන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන්

තවත් කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හඳුනාගෙන තිබෙනවා. බී. 1.640.2 හෙවත් IHU ලෙස දැනට නම්කර ඇති මෙම ප්‍රභේදය පළමුවරට එරටින් හඳුනාගෙන තිබෙන්නේ පසුගිය මාසයේදීයි.

මෙම නව ප්‍රභේදය කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන බව දැනට සිදුකර ඇති පර්යේෂණවලදී හෙලි වී තිබෙනවා. මේ නිසා මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් ලොව පුරා වෛද්‍ය විශේෂඥයන්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.

මෙම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් විශාල පිරිසක් ප්‍රංශයේ මාර්සෙල් ඇතුළු නගර කිහිපයකින් හමු වී තිබෙනවා.

නව ප්‍රභේදය එන්නත් සඳහා ප්‍රතිචාර නොදක්වන නමුත් සීග්‍ර ව්‍යාප්තියක් සහිත ප්‍රභේදයක් නොවන බවද දැනට හඳුනාගෙන ඇත. පර්යේෂණවලින් වැඩිදුරටත් තහවුරු වී තිබෙන්නේ මෙම ප්‍රභේදයේ විකෘතිතා 46 ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...