පූනේ දී වේග පන්දු යවන්නෙක් අඩු වෙයි ද?

Date:

ශ්‍රී ලංකා ඉන්දීය දෙවන විස්සයි විස්ස තරගයේදී වේග පන්දු යවන්නෙක් ගේ ස්ථානය දඟ පන්දු යවන දිනිත් වෙල්ලාලගේට හිමි විය හැකි බව වාර්තා වෙනවා.මෑත කාලයේ හොඳ ඉණිමක් ගොඩ නඟන්නට අපහසු වූ භානුක රාජපක්ෂ කෙරෙහිද බොහෝ විට අවධානය යොමු විය හැකියි.මන්ද ශ්‍රී ලංකාවේ පැවති එල්පීඑල් තරගාවලියේදී තරගාවලියේ වීරයා වූ සදීර සමරවික්‍රම ද සංචිතයේ සිටින බැවින් ඔහුව කැඳවන්නට ද ඉඩ තියෙනවා.
පරාජය වූ තරගයේ දී ද,දඟ පන්දු යවන්නන් විසින් යවන ලද පන්දු ඕවර් 9 ක් තුළ ලකුණු 57 ක් පමණක් ඉන්දීය කණ්ඩායම ලබා ගනිද්දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක, ධනංජය ද සිල්වා ව එක් පන්දු ඕවරයකට පමණක් සීමා කළා.එසේම පළමු තරගය නිමාවේ පන්දුවට පහර දීමට හැකි දුනිත් වෙල්ලාලගේ වැන්නෙක් කණ්ඩායමේ සිටියේනම් චාමික සහ ඔහු අතර ඇති විය හැකිව තිබූ සම්බන්ධය පිතිකරණයට වාසිදායක එකක් විමටත් තිබුණා.අවශ්‍යය වූ විට තරගය කළමණාකරනයට දසුන් ශානකගේ මද වේග පන්දුවද යොදා ගත හැකි බැවින් හෙට තරගයේ තණතිල්ල සළකා බලා පළමු තරගයේදී අතපසු වූ දඟපන්දු යැවීමේ සහයෝගය වැඩි වැඩියෙන් යොදා ගන්නට ඉඩ තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!