ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුත් මරුට !

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු ඊයේ (03) දහවල් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ උණ රෝගයකින් පෙළෙමින් සිටි 28 හැවිරිදි තරුණයෙකි.

ඔහුත් සමග ගාල්ල බන්ධනාගාරයේ සිව්දෙනෙකු උණ රෝගයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබී ඇත.

අදාළ රැඳවියාගේ මරණයට හේතුව මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගය බවට සැක කරන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

මීට පෙර මෙනින්ජයිටිස් රෝගය හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...