ලංවිම සේවකයින් දෙවන දිනටත් පාරට බහිද්දී වෘත්තීය සමිති නායකයින්ට වාරණ නියෝග!

Date:

කොළඹ LNW: ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් දෙවන දිනටත් අද (04) විරෝධතාවේ නිරත වෙමින් සිටියි.

ඒ,ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිවයි. එම පනත වහා හකුළා ගන්න ලෙස රජයට බලකරමින් ඊයේ දින සිට අඛණ්ඩ දින තුනක් ලංවිම සේවක විරෝධතා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව රන්ජන් ජයලාල් ඇතුළු සෙසු විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය,ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශ පරිශ්‍රය සහ මහ බැංකු පරිශ්‍රයට අද දින ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතුවෙයි.

මෙම තෙදින විරෝධතාව රජය විසින් නොසලකා හැරියහොත් පනත පරාජය කිරීම සඳහා අවශ්‍ය අඛණ්ඩ මැදිහත් වීම සිදුකරන් බවටයි ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති අවධාරණය කර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...