අඩු මිල මත්පැන් සහ කාබනික සීනි නිෂ්පාදනයට ඇමති හඳුන්නෙත්තිගේ අවධානය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කම්හල් දෙකේ මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් පාරිසරික සංචාරක කර්මාන්තය (eco tourism) ප්‍රවර්ධනය කිරීමටත්, දැනට ලංකාව තුල ඇති නීතිවිරෝධී මත්පැන් භාවිතයට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හඳුන්වා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනයට හා අපනයන වෙළඳපොළ ඉලක්ක කොට කාබනික සීනි නිෂ්පාදනයත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ, පෙරේදා (ජනවාරි 03) දිනයේදී එම කම්හල්වල නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේදී ය.

එසේම සීනි නිෂ්පාදනය බෙදහැරීම සදහා බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත්, සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කරනු වස් කාර්‍ය දර්ශක සකස් කිරීමටත්, මෙහි බොහෝ කාලයක් ගැටලුවක්ව තිබූ සේවකයගේ රක්ෂණ ගැටලුව කඩිනමින් විසදීමටත්, ගොවීන්ට ජලය ලබාගැනීමේදි සිදුවන අපහසුතා මගහැරීම වෙනුවෙන් ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එකව කඩිනම් පියවර ගැනීමට ලංකා සීනි සමාගමේ සේවකයින්, වෘත්තීය සමිති නියෝජිතයන් හා ගොවි සංගම් නියෝජිතයන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට වෙළෙඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා, ලංකා සීනි සමාගමේ සභාපති රුක්ෂාන් ගුණතිලක මහතා ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ Facebook, X අවකාශය සහ Youtube අක්‍රිය කෙරේ!

කොළඹ LNW:නේපාල රජය නිකුත් කර ඇති සමාජ මාධ්‍ය ජාලා...

භූමිකම්පාවෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඉදිරියේදී කුමක් සිදුවේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): විනාශකාරී භූමිකම්පාවක් ඇෆ්ගනිස්ථානයේ...

වායු දුෂණය ඩිමෙන්ශියා රෝගයට හේතු විය හැකි බව පර්යේෂණ මඟින් සොයා ගැනේ,

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වායු දුෂණය...

ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක...