රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ (LNW):
ආනයනික සුදු සීනි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන්, මෙරට දුඹුරු සීනි අලෙවිය 55% ක ප්‍රතිශතයක් පමණක් බව, ලංකා සීනි සමාගම පවසයි.
පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා සඳහන් කළේ , මෙම තත්ත්වය මත ලංකා සීනි සමාගම විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවයි.