ඇමරිකාවෙන් ඊශ්‍රායලයට යුද උපකරණ තොගයක් ලබා දීමට සැලසුම්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලයට ඇ. ඩො. බි.08 ක වටිනාකමකින් යුතු, යුද උපකරණ තොගයක් ලබා දීමට බයිඩන් පරිපාලනය සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, ඇමෙරිකා ඩොලර් බිලියනය අටක වටිනාකමකින් යුතු යුද උපකරණ ඊශ්‍රායලයට ලබා දීමට කොංග්‍රස් මණ්ඩලය සැලසුම් කර ඇති බවයි.

එම යුද උපකරණ තොගයට මිසයිල ඇතුළු ප්‍රබල අවි ආයුධ රැසක් ඇතුළත් වන බවද වාර්තා වන අතර, ඒ සඳහා නිත්‍ය නියෝජිත මණ්ඩලය සහ සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවිය යුතුයි. ජනාධිපති ජෝ බයිඩන් ධුරයෙන් ඉවත් වීමට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී මෙම පියවර ගෙන ඇති බව පැවසේ.

ගාසා යුද මෙහෙයුම් හේතුවෙන් ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වුවද ඊශ්‍රායලයට සහාය දැක්වීම අත්හිටුවීම ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරන බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : රීසා – බල්තසාර් සටනේ නවතම තත්වය මෙන්න !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා...

ලාල් බබා ….

විපක්ෂ භූමිකාවෙන් අයින් වෙලා දැන් ආණ්ඩුකරණ භූමිකාවේ ඉන්න ලාල්...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණ වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 16) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

විනිසුරු ලෆාර් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමේ යෝජනාව සලකා නොබලයි. අභියාචනාධිකරණයට දෙදෙනෙකු පත්කිරීමට අනුමැතිය

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ...