ඉන්දියාවේ දිල්ලි අගනුවරට අනතුරු ඇඟවීමේ නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන්,ඉන්දියාවේ දිල්ලි අගනුවරට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණ අංශ පියවර ගෙන ඇත.

දිල්ලි නගරය පුරා පවතින ඝන මීදුම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙන අතර, සියලු මාර්ගවල අදුරු ස්වභාවයක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම්වලට ද මීදුම හේතුවෙන් බාධා එල්ල වී ඇත.ගුවන්තොටුපොළට පැමිණෙමින් තිබූ යානා 15 ක් වෙනත් ගුවන්තොටුපල වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇති බව වාර්තා වේ.දුම්රිය ගමන්වාර 81ක් ද ප්‍රමාද වී තිබෙනවා.

දිල්ලි නගරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ක් හා අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.8 ක් ලෙසයි වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...