ආණ්ඩුව ඇතුළේ ඉඳන් ඩබල් ගේම් ගහන්න බෑ, කරුණාකරලා විපක්ෂයට යන්න – රෝහිත (VIDEO)

0
377

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි පෙන්වා දියහැකි නමුත් ආණ්ඩුව තුළ සිටිමින් ඩබල් ගේම් ගැසිය නොහැකි බවත් එවන් අය කරුණාකර වරප්‍රසාද ආපසු බාරදී විපක්ෂයට යායුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි.

“ආණ්ඩුව ඇතුළෙ ඉඳගෙන ආණ්ඩුවෙ වැරැද්දක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ඩබල් ගේම් ගහන්න බෑ. රෝහිත අබේගුණවර්ධනගෙ කොන්ද හොඳට කෙළින් තියෙනවා, ආණ්ඩුවත් එක්ක ඉන්න හැමෝගෙම කොන්ද හොඳින් තියෙනවා. හැබැයි කොන්ද කෙළින් තියාගෙන කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන ඉන්න අයට මේ ආණ්ඩුවෙ ඉන්න බෑ. කරුණාකරලා වරප්‍රසාද ටික ගලවලා, කරුණාකරලා විපක්ෂයට යන්න ඕනෙ. විපක්ෂයට ගිහිල්ලා කරන්න ඕනා. තමන්ට ආණ්ඩුව ගැලපෙන්නෙ නැත්නම් මොන කෙංගෙඩියකටද මේක ඇතුළෙ ඉන්නෙ ? කරුණාකරලා ඉවත්වෙන්න ඕනෙ.

මම දැක්කා උන්නැහැලා කීපදෙනෙක් නොයෙක් නොයෙක් ඒවා කියනවා. නම කියලා කියන්නම් සුසිල් ප්‍රේම්ජයන්ත. සුසිල් ප්‍රේම්ජයන්තලා තමයි 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදිලා ටික දවසක් යනකොට බොහොම ශෝක් එකට අනිත් පැත්තට ගිහිලා මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ ඔඩොක්කුවේ නැළවෙච්චි අය. ඒකෙ නැළවිලා ඇමතිකම් කරලා … ඉතිං ඒකෙ කොරගන්න බැරි අයට මේකෙ කොරගන්න පුළුවන්ද ? මේකෙ ප්‍රශ්නෙ වෙන මොකක්වත් නෙවෙයි, එක එක්කෙනාගෙ ඔළුවෙ තියනවා කැබිනට් ඇමතිකම්. ඒක ලැබුණෙ නෑ කියලා මේකද ප්‍රශ්නෙ ? තමන්ට දීපු ඇමතිකම කරන්නෙ නැතිව අනිත් ඔක්කොම දේවල් කතා කරනවා. තමන්ට දීපු එක හරියට කළා නම් ඉවරයිනෙ. ඒක කරගන්න බැරි උන්නැහැලා නෙ මේ …”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here