අපි ආණ්ඩුවේ ඉන්න බෑ කිව්වෙ නෑනෙ – සුසිල් ඉවත් කිරීමෙන් පසු වාසු කියන කතාව (VIDEO)

Date:

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට මෙන් අමාත්‍ය ධුරය අහිමි වීමේ කිසිදු අවදානමක් තමන්ට නොමැති බව ආණ්ඩුවේ කැරලිකාර පිලේ ඉදිරිපෙළ සාමාජිකයෙකු වන ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“ඔය අර සාමුහික වගකීම කියන සංකල්පය අනුවනෙ ඔය කියන්නෙ … කාටවත් බෑ වෙන විදියකට කතා කරන්න. නමුත් ඒක මං හිතන්නෙ අපට ගැලපෙනම සංකල්පයක් නෙවෙයි. අපට අපේ වෙනස් මතය පළ කරන්න බැරි නම් ඒක අපට, අපේ දේශපාලනයට අපි කරගන්න ලොකු හානියක්. පොහොට්ටුව පක්ෂයත් එක්ක අපේ තියෙන්නෙ ගිවිසුමක්. ඉතිං අපේ ගිවිසුම අනුවයි අපි ක්‍රියාත්මක වෙන්නෙ. එතුමා පොහොට්ටුව පක්ෂයේම කෙනෙක්. ඉතින් එතුමාට බලපාන්නෙ පොහොට්ටුවේම නීති”

ප්‍රශ්නය – ඊයේ කැබිනට් රැස්වීමේදී එවැනි තීන්දු තීරණ දැනුම් දුන්නාද අමාත්‍ය ධුර වෙනස් වෙනවා කියලා ?

“සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිතුමා ගැන ප්‍රකාශ වුණා. ඔහුගේ කරුණු දැක්වීම ඒගොල්ලන්ගෙ අදහසේ හැටියට ආණ්ඩුවට කරපු බරපතළ හානියක් කියලා”

ප්‍රශ්නය – ඔබතුමාට යම්කිසි ආකාරයකින් එවැනි ….

“නෑ, මට එහෙම එකක් නෑ. මට කිසිසේත්ම මගේ අමාත්‍ය ධුරය අහිමිවීමක්, කැබිනට් මණ්ඩලයෙන් ඉවත්කිරීමක් ගැන කිසිම අවදානමක් නෑ. ඉතින් අපට කෙළින්ම කිව්වොත් ඇමති ධුරය අත්හැරලා යන්න, තවදුරටත් ඇමති ධුරයේ තබාගත නොහැක කියලා ඒක අපි බාරගන්නවා. පරම බලය තියෙන්නෙ ජනාධිපතිතුමාට. මේ අමාත්‍ය ධුරය වෙනුවට වෙන අමාත්‍ය ධුරයක් බාරගන්න කිව්වොත් ඒකට මං ලෑස්තියි”

ප්‍රශ්නය – ඉන්න බැරි නම් යන්න කියලා කිව්වොත් එතකොට සතුටින් … ?

“නෑ, ඉන්න බැරි නම් විතරයිනෙ ඒ කියන්නෙ. අපි ඉන්න බැරිය කිව්වෙ නෑනෙ”

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ සුසිල් ප්‍රේම්ජයන්ත රාජ්‍ය අමාත්‍යවරයාව තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...