කිසිම රජයේ තනතුරක් බාරගන්නේ නෑ, පොතක් ලියනවා – පී. බී.

Date:

තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රජයේ වගකීමක් බාර නොගන්නා බව පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.

තමන් රැකියා විරහිත උපාධිධාරියෙකු නොවන බැවින් තවදුරටත් රජයේ රැකියා අපේක්ෂා නොකරන බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

එසේම ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගැනීමෙන් අනතුරුව තම දීර්ඝ රාජකාරි දිවියේ අත්දැකීම් අළලා ග්‍රන්ථයක් සම්පාදනය කරන බවත් දැනටමත් එහි මූලික පරිච්ඡේද ලියා අවසන් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම අභිනව ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත්වීමට නියමිත ගාමිණී සෙනරත් මහතාට තමන් සුබපැතූ බවත් පවසා ඇති ජයසුන්දර මහතා ගාමිණී සෙනරත් යනු මෙම තනතුර දැරීමට අත්දැකීම් සහ හැකියාව ඇති කාර්යක්ෂම නිලධාරියෙකු බවත් ඔහුට අවශ්‍ය ඕනෑම සහායක් පිටත සිට ලබාදීමට තමන් කැමති බවත් සඳහන් කර තිබේ.

ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ “දේශය” පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමිනි.

ඒ මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදී ඇති අතර මේ ජනවාරි මාසය තුළ සිය තනතුරින් ඉවත්වීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...